ගම්මන්පිළලාගේ රණවිරුවන් අතර එන්ජින් හොරෙකුත්!

Spread the love

gammanpilaමාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් පරම රණවිරුවන් ලෙස සලකා මහින්ද රාජපක්ෂ, විමල් වීරවංශ සහ ගම්මන්පිල වැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රකාශ නිකුත් කරන අතර ම නීතිය ද අභියෝගයට ලක් කරති.

කෙසේ වෙතත් සොරකම් චෝදනාවක් ඔප්පුවීමෙන් යුද හමුදාවෙන් නෙරපා හරින ලද පුද්ගලයෙකු ද ඒ අතර වන දැනගන්නට ඇත. සෙනවිරත්න මුදියන්සේලාගේ රවීන්ද්‍ර රූපසේන හෙවත් රංජිත් නම් වන මොහු යුද්ධයෙන් පසුව යුද හමුදාව සතු කරගත් කොටි සංවිධානයට අයත් බෝට්ටුවල එන්ජින් ගලවා දඹුල්ලේ දී හොරෙන් විකුණා හසුවීම නිසා විනය පරීක්ෂණයකින් යුද හමුදාවෙන් නෙරපා හැරියෙකි.

දැන් පැන නගින ප්‍රශ්න‍ය මේ පුද්ගලයින් කොටි සංවිධානයට එරෙහිව සටන් කළා වුවත් අපරාධයන්ට සම්බන්ධ අය නම්, තවදුරටත් ගම්මන්පිළලාට ඔවුන් රණවිරුවන් ද? යන්නයි. අනෙක් අතට බොහෝ අය දන්නා පරිදි ආරක්ෂක සේවාවන්හි හිඳිමින් කොන්ත්‍රාත් ගෙන අපරාධ කළවුන් ද මෙහි නැත්තේ නොවේ. ඒවා වෙනුවෙන් ද රණවිරු මුක්තියක් ලැබෙන්නේ ද? එලෙස ම ප්‍රගීත් ඝාතනයට උක්ත පිරිස සම්බන්ධ නම්, යුද්ධයට සහභාගි වූ නිසා ඔවුන් නිදහස් වන්නේ ද?

RSL

Related Posts