අපි කරන්නේ ඓතිහාසික දේශපාලනයක්

Spread the love

තමන් සිදු කරන්නේ තමන්ට ඉතිහාසයේ සිට පැවරී ඇති දේශපාලනය බවත් තමන් කිසිදු දේශපාලන නායකයෙකුගේ ගෝලයෙකු නොවන බවත් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසා සිටියි.

ඊයේ(26) මහනුවර අස්ගිරි මල්වතු විහාරයන් වෙත පැමිණීමෙන් අනතුරුව උන් වහන්සේ මේ බව සඳහන් කළේය.

ජනාධිපති පොදු සමාව ලබා නිදහස් වීමෙන් අනතුරුව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් අද පෙරවරුවේ මහනුවර අස්ගිරි මල්වතු විහාරයන් වෙත පැමිණ මහනා හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

අනතුරුව උන් වහන්සේ ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණ ආගමික වතාවත්වල නිරත වුණි.

එහදී මාධ්‍යට සිය අදහස් දැක්වු උන්වහන්සේ ප්‍රකාශ කර සිටියේ බණ භාවනා කරමින් ශාසනික දිවියක් ගත කළ යුතු බවට සිතුවද රටේ තරුණ පිරිස් තුළ ඇති අවිනිශ්චිත භාවය හා ඔවුන්ගේ ඉල්ලීම් මත තමන් නැවතත් සංවේදී වු අතර නැවතත් සිදුවන්නට යන අනතුර වළක්වා ගැනීමට ක්‍රියාත්මක වු විය යුතු බව අවබෝධ වු බවයි.

එසේම තමන්ට පක්ෂ දේශපාලනය වැදගත් නැති බවත් කිසිදු දේශපාලකයෙකු තමන්ට ඇඟිල්ල දිගු කිරීමට නොඑන ලෙසත් උන් වහන්සේ ප්‍රකාශ කලේය.

තමන් සිදු කරන්නේ තමන්ට ඉතිහාසයේ සිට පැවරී ඇති දේශපාලනය බවත් තමන් කිසිදු දේශපාලන නායකයෙකුගේ ගෝලයෙකු නොවන බවත් උන්වහන්සේ වැඩිදුරටත් පැවසීය.


RSL

Related Posts