ඉදිරි ජනාධිපතිවරණයේදී මෛත්‍රීට පොහොට්‌ටුවේ කිසිම සහයෝගයක්‌ නෑ -ජී. එල්. පීරිස්‌

Spread the love

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අපේක්‍ෂකත්වය දරන සන්ධානයකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිදු සහයෝගයක්‌ ලබා නොදෙන බව එම පක්‍ෂයේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස්‌ මහතා පැවසීය.

ජනාධිපතිවරයා ඉදිරි ජනාධිපතිවරණයට අනිවාර්යයෙන්ම දේශපාලන පක්‍ෂ කිහිපයක සහයෝගය ලබාගෙන තරග කරන බවට ශ්‍රී.ල.නි.ප. නව මහ ලේකම්වරයා හා ජාතික සංවිධායකවරයා කර තිබෙන ප්‍රකාශය සම්බන්ධයෙන් පක්‍ෂයේ ස්‌ථාවරය හෙළිදරව් කරමින් ජී. එල්. පීරිස්‌ මහතා මේ බව සඳහන් කළේය.

මේ පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්‌ථාවරය ජනතාව නිරතුරුව විමසා සිටි බවත් හෙතෙම පැවසීය.

ජනාධිපතිවරයාට ඉදිරි ජනාධිපති අපේක්‍ෂකත්වයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ Rජුව හෝ වක්‍රව කිසිදු සහයෝගයක්‌ ලබා නොදෙන බවට ජනතාවට පැහැදිලිවම ප්‍රකාශ කරන බවත්, කිසිදු අවස්‌ථාවක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහිකර, පෝෂණය කළ ජනතාවට ෙද්‍රdaහී නොවන බවත් ජී. එල්. පීරිස්‌ මහතා කීවේය.

බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ මූලස්‌ථානයේ ඊයේ (11) පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව පැවසීය.

RSL

Related Posts