ඉන්ධන මිල යළි වැඩිකරන්න පෙර නමට අඩුකරයි (රු.2,3කින්)
- RSL
- January 10, 2019
- Uncategorized
- Fuel Formula, Fuel Price, Mangala Fuel Formula, Mangala Samaraweera
- 0 Comments
මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ මිල සුත්‍රයට අදාළව අද මධ්‍යම රාත‍්‍රියේ සිට ඉන්ධන මිල රුපියල් 2, 3කින් පහත දමා තිබේ.
ඒ අනුව ඔක්ටෙන් 92 පෙට‍්‍රල්, සුපිරි පෙට‍්‍රල් හා ඩීසල් ලීටරයක් රුපියල් 2.00කින්ද සුපිරි ඩීසල් ලීටරය රුපියල් 3.00කින්ද අඩු කර ඇත.
නව මිල අඩු කිරීම් සමග ඔක්ටෙන් 92 පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 123ක්, ඔක්ටෙන් 95 පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 147ක්, සාමාන්‍ය ඩීසල් ලීටරයක් රුපියල් 99ක්, සුපිරි ඩීසල් ලීටරයක් 118ක් ලෙස වෙයි.

