චීනය ඇතුළු රටවල් 46 කට හෙට සිට ‘FREE Visa’

Spread the love

චීනය ඇතුළු රටවල් 46 ක් වීසා ගාස්තුවලින් නිදහස් කිරීමේ වැඩසටහන හෙට (01) සිට කි‍්‍රයාත්මක කරන බව සංචාරක සංවර්ධන ඇමැති ජෝන් අමරතුංග මහතා පවසයි.

මීට පෙර මේ වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක වුවත් එම රටවල් අතරට චීනය ඇතුළත්ව නොතිබුණු අතර හෙට සිට චීන සංචාරකයන්ට ද මේ වැඩසටහන යටතේ වීසා ගාස්තුවලින් නිදහස්ව මෙරටට පැමිණීමට හැකි වන බව ඇමැතිවරයා සඳහන් කළේය.

සංචාරකයන් වැඩි සංඛ්‍යාවක් ශ‍්‍රී ලංකාවට ගෙන්වාගැනීම අරමුණු කර ගනිමින් අමාත්‍ය මණ්ඩලය විසින් මෙසේ සංචාරක වීසා බලපත‍්‍ර ලබා දීමේ තීරණය ගෙන ඇත.

මේ ව්‍යාපෘතිය සදහා අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දී තිබුණ ද පාස්කු ඉරිදා ඇති වූ ත‍්‍ර‍්‍රස්තවාදී ප‍්‍රහාරය හේතුවෙන් ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගෙන සංචාරකයන් සඳහා නිදහස් පදනම මත වීසා ලබා දීම තාවකාලිකව අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කරන ලදී.

මේ වන විට රටේ වාතාවරණය යථා තත්ත්වයට පත්ව ඇති බැවින් සංචාරකයින්ගේ පැමිණීම ප‍්‍රවර්ධනය කිරීමේ අරමුණින් ඉහත රටවල් ද ඇතුළුව ඩෙන්මාර්කය, ස්වීඩනය, නෝර්වේ, පින්ලන්තය, අයිස්ලන්තය, පිලිපීනය, රුසියාව, චීනය, ඉන්දියාව හා එංගලන්තය යන රටවල් සදහා ද නිදහස් පදනම මත ‘පැමිණීමේදී ලබා දෙන සංචාරක වීසා බලපත‍්‍ර’ ලබා දීම සිදු කරන බව සංචාරක සංවර්ධන ඇමැති ජෝන් අමරතුංග මහතා වැඩිදුරටත් පැවසීය.

RSL

Related Posts