හතුරුසිංහ මාසෙකට ලක්ෂ 79ක් අරගත්තට කරපු සාධාරණයක් නෑ (වීඩියෝ)

Spread the love

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන චන්දික හතුරුසිංහ මහතාට ගෙවන ලක්ෂ 79ක මාසික වේතන මුදලට සාධාරණයක් ක්‍රිකට් කණ්ඩායමට ඉටු වී නැති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සඳහා ඩොලර් 40000ක පමණ වැටුපක් ගෙවන බවත් එවැනි වැටුපක් ලබා සියයට 35ක තරග දින තැනකට නොසිටිය යුතු බවත් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේය.

පුහුණුකරුවන්ටද ලබාදිය යුත්තේ ක්‍රීඩකයන්ට තරග දිනන ප්‍රමාණය අනුවලබා දෙන ආකාරයේ දීමනාවක් බව ද ඇමැතිවරයා කීය.

මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ධුරයට ඉල්ලුම්පත් ගණනාවක් ලැබී ඇති බවත් ඔවුන් ලෝකයේ ඉහළම ගණයේ පුහුණුකරුවන් බවත් කී එහි වැඩිම ඉල්ලුම ඇත්තේ ඩොලර් 25000 ක් බව ද කියා සිටියේය. මේ හේතුවෙන් ගෙවන පඩියට අනුව නිසි ප්‍රතිඵලයක් සහ නිසි සේවයක් ලැබිය යුතු බව ක්‍රීඩා අමාත්‍යවරයා පැවසීය.

ක්‍රීඩා අමත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළ කර සිටියේ ලෝකයේ සිටින හොඳම පුහුණුකරුවන් ලෙස සැලකෙන පුහුණුකරුවෙන් තිදෙනෙක් මේ වන විටත් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ සේවයට පැමිණිම වෙනුවෙන් ඉල්ලුම් කර ඇති බවයි.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ අවසන් තරගය අද කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතයි. අද තරගය ශ්‍රී ලංකාවෙන් බිහි වු විශිෂ්ට වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකරගේ නමින් නම් කර තිබීම විශේෂත්වයකි.

RSL

Related Posts