ත්‍රස්තවාදයට එරෙහි හමුදා ක්‍රියාමාර්ගයන් දෙමළ ජනසමාජය ඉලක්ක කර ගත් එකක් වුණේ නැහැ.. (වීඩියෝ)

Spread the love

යුද්ධයේ අවසාන කාලවකවානුවේදී එක්සත් රාජධානියේ විදේශ ලේකම් සහ ප්‍රංශයේ විදේශ ඇමති තමා හමු වූ බවත් එහිදී ඔවුන් යුද ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන නොයන ලෙස දැඩිව කියා සිටි බවත්, එහෙත් ත්‍රස්තවාදයෙන් බැට කන දමිල, මුස්ලිම්, සිංහල යන මගේම සියලු ජනතාව ඉන් මුදා ගැනීම වෙනුවෙන් තමා ත්‍රස්තවාදීන්ට එරෙහි යුද්ධය ක්‍රියාත්මක කළ බව ඉන්දියාවේ සංචාරයක නිරත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ නවදිල්ලි නුවර පැවති සම්මන්ත්‍රණයක ප්‍රධාන දේශනය සිදුකරමින් සඳහන් කළේය.

එසේම තම හමුදා ක්‍රියාමාර්ගයන් දෙමළ ජනසමාජය ඉලක්ක කර ගෙන නොවන බවත්, මා හමුදාවන් සටනට යැවුවේ ත්‍රස්තවාදීන් මානුෂීයව සැලකිය යුතු සියල්ල ඉවත දමා බොන වතුර පොද පවා ජනතාවට අහිමිකිරීමෙන් පසුව බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කර සිටියේය.

එසේම යුද්ධයේ අවසාන කාලවකවානුවේදී එක්සත් රාජධානියේ විදේශ ලේකම් සහ ප්‍රංශයේ විදේශ ඇමති තමා හමු වූ බවත් එහිදී ඔවුන් යුද ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන නොයන ලෙස දැඩිව කියා සිටි බවද, එහෙත් රටේ ජනතාව ත්‍රස්තවාදයෙන් මුදවා ගැනීම තම වගකීම වන හෙයින් එය නොපැකිලිව සිදුකළ බවත් මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පවසා සිටියේය.

ඉන්දියාවේ තෙදින සංචාරයක නිරතව සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමු වූ අතර කලක පටන් හදුනන දේශපාලන මිතුරන් ලෙස දෙපළ අතර ඇති අවබෝධය ඉහළ නැංවීමට මෙම සුහද සාකච්ඡාව ඉවහල් වූ බව සංචාරයට එක්ව සිටින හිටපු ජනාධිපතිවරයාගේ නියෝජිතයෙක් ප්‍රකාශ කළේය.

මුස්ලිම් සහ දෙමළ නායකයින් සමඟ සුදුසු දේශපාලනික සහ ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ පිළිබඳ සකච්ඡා කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවද හිටපු ජනාධිපතිවරයා පැවසීය.

භාරතීය ජනතා පත්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක සුබ්‍රමනියම් සාමි මහතා සඳහන් කළේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතීතයේ තිබූ මතවාදවල සිරවී නොමැති බවත් ඔහු ස්වාධීනව මනස සකස් කර ගන්නා බවයි.

RSL

Related Posts