එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තුවෙන් පත් කළ මන්ත්‍රී එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන මහතාගේ අභාවයෙන් පසුව හිස් වූ, මන්ත්‍රී ධුරය ලබා ගැනීම සඳහා බල පොරයක් නිර්මාණය වී ඇති ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේ වෙතත් පසුගිය මැතිවරණයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් හෝ හිමි නොවූ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මේ මන්ත්‍රීධුරය ලබා ගැනීමට උත්සාහ දරන බව වාර්තා පළ වෙයි. මහින්ද රාජපක්ෂට, ගෝඨාභයට අභිමුඛ කළ හැකි යුද චරිතය ඔහු බැවින් සහ එ.ජා.පය කිසිදු යුද විශේෂඥයෙක් නැති බැවින් ඔහු එ් සඳහා පත් කර ගත යුතු බවට එ.ජා.ප.යේ මතයක් ඇති වී ඇත. සරත් ෆොන්සේකාගේ පක්ෂය එ.ජා.ප.ය හා සන්ධානයකට ඇතුළත් කරගෙන මන්ත්‍රී ධුරය ලබා දෙන්නට යන බව සැලයි.
එ.ජා.ප.යේ පරාජිතයින් වන රෝසි සේනානායක හා උපුල් ශාන්ත සන්නස්ගල ද මේ මන්ත්‍රී ධුරය කෙරෙහි ඇස ගසාගෙන සිටින අතර අගමැතිවරයාගේ සමීපතමයකු වන තරුණ සේවා සභාවේ සභාපති එරංග වැලිඅංගේ මේ සඳහා පත් කරන බවට ද ආරංචි පැතිර යයි.