දන්න කියන හම්බන්තොට පැත්තෙ මහත්තයෙක් ගිය අවුරුද්දෙ ජනවාරි 8ට කලින් FB එකේ දාපු ෆොටෝස් සහ පෝස්ට්ස්…
* වොචින් ICC Cricket World Cup 2011 FINAL විත් තාත්ති ඇට් වැන්කඩේ ස්ටේඩියම්, මුම්බායි.
* සිඟින් විත් ඉරාජ් ඇට් සෙන්ට් පෝල්ස් ග්(ර්)ල්ස් ස්කූල්, මිලාගිරිය.
* ෆීලින් ජොයිෆුල් විත් සල්මන් කාන්, රිතික් රෝෂන්, ප්‍රීට් සින්ටා ඇට් IIFA award ceremony, සුගතදාස ස්ටේඩියම්, කලම්බො.
* ඩාන්සින් විත් අජිත් කබ්රාල් & අනර්කලි ඇට් කිංස්ටන්, ජැමෙයිකා.
* මෙට් ෂොන් කින්ග්ස්ටන් ඇට් කලම්බො.
* සෙල්ෆි විත් මයි ෆෑන්ස් ඇට් ක්‍රෙස්කැට්, කලම්බො.
බ්ලා බ්ලා බ්ලා…
……………………………………………
ඒ මහත්තයම පහුගිය ජනවාරි 8 වෙනිදට පස්සෙ FB දාපු ෆොටෝස් සහ පෝස්ට්ස්.
* අගුණකොළපැලැස්ස පොල්කොරටුව කඩේ ලොකු මමා හමුවූ අවස්ථාව. (උඩුකය නිරුවත් අව්‍යාජ ගැමියෙකු සමග සිටින චායාරුපයක්.)
* නිදහස් චතුරශ්‍රය අසල මුද්දර විකුනන ඩයස් මහතා ව හමුවීමට ලැබුනු අවස්ථාව.
* අම්බලන්තොට සංචාරය කරන අතරතුර අහම්බෙන් මුණගැසුන ගුණසේන මාමා සමග ආගිය තොරතුරු කතා බස් කරමින්. (දෙදෙනා ම සුදුවතින් සැරසුනු චායාරූපයක්)
* හම්බන්තොට මිතුරු කැල සමග ” කැරම් අතක් ” ක්‍රීඩා කිරීමට ලැබුනු අවස්ථාව.
මෛත්‍රි ලොක්කට සපෝට් කරපු එක ගැන සතුටු වෙන්න පුලුවන් ලොකුම කාරණේ තමයි, වෙනම සින්තටික් ලෝකෙක හිටපු මේ වගේ අමුතු ජීවින් ව ටික කාලෙකට හරි මහපොලවට බස්සන පුලුවන් උන එක.
– Samin Dilanka-
(මෙහි එන සටහන මුහුණුපොතන් ඉපිටුමකි. එහි රචකයා හෝ රචකාව Read sri lanka සාමාජිකයෙක් නොවේ. එකී අදහස්වල වැදගත්කම සලකා අප එය උපුටාගන්නෙමු. අප වෙබ් අඩවියේ අදහස් ඔහු හෝ ඇය විසින් දරනුයේ නැත.)