Exclusive: මැකෝ බුදී; රෙනෝ ගේ “හිරු” රෙද්දේ රෙන ගමන් අමු අමුවේ මිනී මරයි (Video)

Spread the love

පෙරදා ලද තුටු පඬුරු වෙනුවෙන් රාජපක්ෂලාට එදා මෙදා තුර පක්කිලි කම් කරන මාධ්‍ය ආයතන අතර කුප්‍රකට දිලිත් ජයවීරගේ දෙරණ මෙන්ම කුප්‍රකට රෙනෝ සිල්වාගේ හිරු ද අවිවාදිතව එකමිටට සිටී. එම පක්කිලි කම් වල තරම කෙතරම්ද යත් තම ජනාධිපති අපේක්ෂකයා වන ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රචාරණය වෙනුවෙන් ඔවුන් තම ප්‍රතිවාදී අපේක්ෂකයින්ගේ ප්‍රකාශවලින්ද මිනීමැරීමට පටන් ගෙන ඇත. රාජපක්ෂ පවුලේ පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් මේ වන විට සියලු මාධ්‍ය ආචාර ධර්මයන්, මැතිවරණ නිතී අමු අමුවේ උල්ලංඝනය කරමින් රෙදි නැතුව කඩේ යන “දෙරණ”, “හිරු” නාලිකා පිළිබඳව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය සිටින්නේ කුකුල් නින්දට නොදැවිනි ඉතා නින්දිත නරි නින්දකය.

ඊයේ පැවති උත්සවයක් ආවරණය කිරීමට ගිය රෙනෝ ගේ “හිරු” නාලිකාව එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්.ෆවුසි මහතා සිදුකළ ප්‍රකාශයක් අමු අමුවේ අති භයංකර ලෙස විකෘති කොට ප්‍රවෘත්තියක් ලෙස ප්‍රචාරය කොට තිබුණේ මෙසේය.

Posted by Social MEDIA on Thursday, October 24, 2019

මෙතෙක් කල් අපක්ෂපාති විශිෂ්ට රාජ්‍ය නිලධාරියෙකු ලෙස තම සේවය ඉටු කළ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මේ වන විට කුමන හෝ හේතුවක් මත රාජ්‍ය ආයතනවලට පොල් කෙන්ද පවා අන්වීක්ෂ දමා නිරීක්ෂණය කරද්දී, රාජපක්ෂලාගේ මාධ්‍ය ආයතනවල පොල් පරාල තරම් වැරදි නොදැක්කා සේ මයික්‍රෆෝන ඉදිරියේ ප්‍රකාශ නිකුත් කරමින් රාජ්‍ය ආයතනවලට අනිසි බලපෑම් සිදුකරමින් සිටින බවක් පෙනී යයි. මැකෝ තම සීමාව ඉක්මවා යමින් ඇතැම් ආයතනවල නිලධාරීන් මාරු කරන ලෙසට වන බලපෑම්ද සිදුකරන බවට වාර්තාවේ. එහෙත් දිලිත්ගේ දෙරණ, රෙනෝ ගේ හිරු සිදුකරන අසික්කිත මාධ්‍ය අපහරණය මැකෝට නොපෙන්නේ රාජපක්ෂ රෙජීමයෙන් මතු දිනෙක ලැබිය හැකි කප්පරක් ගිලෙන ඉල්ලමක් නිසාදැයි සැක මතුවෙයි.

RSL

Related Posts