ජනාධිපතිවරණය කල් යා හැකි මඟ මැකෝ කියයි

Spread the love

මහා මුරුගසන් වැස්සක් වැහැලා ලෝක විනාශයක් සිදු වුණොත් විතරක් ඉදිරි ජනාධිපතිවරණය කල්දානවා. එහෙම නැතුව ජනාධිපතිවරණය කල් දැමීමට කිසිදු අවශ්‍යතාවක් නැහැ. ජනාධිපතිවරණය නියමිත කාල සීමාවේදී පවත්වනවා.’’ යැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පැවැසීය.

සභාපතිවරයා එසේ පැවසුවේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා මාධ්‍ය භූමිකාව පිළිබඳව ප‍්‍රාදේශීය ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් රාජගිරිය මැතිවරණ කාර්යාලයීය ශ‍්‍රවණාගාරයේදී පැවැති අවස්ථාවේදී මාධ්‍යවේදියකු ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

 එහිදී තවදුරටත් කතා කළ ඒ මහතා මෙසේද කීය.

 ‘‘කවුරු මොනවා කිව්වත් ජනාධිපතිවරණය අපි නියමිත කාලයේදී පවත්වනවා. මහා මුරුගසන් වැස්සක් වැහැලා ලෝක විනාශය සිදු වුණොත් විතරක් ජනාධිපතිවරණය කල් දාන්න සිදුවෙනවා. එහෙම නැතිව ජනාධිපතිවරණය කල් දාන්න කිසිදු අවශ්‍යතාවක් නැහැ. ඒ නිසා බයවෙන්න එපා. මේ අවුරුද්දේ අන්තිමට ජනාධිපතිවරණය පැවැත්වෙනවා.’’

RSL

Related Posts