පාස්කු ප්‍රහාරයෙන් වින්දිතභාවයට පත්වූවන්ට රජය වන්දි වශයෙන් මිලියන 265ක් ගෙවා අවසන් (ගෙවීම් සිදුකළ ලැයිස්තු අන්තර්ගතයි )

Spread the love

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් වින්දිතභාවයට පත්වූවන්ට වන්දි වශයෙන් රජය මේ වන විට මිලියන 265ක් ගෙවා අවසන් කර ඇත. එයින් මිය ගිය 201 දෙනෙකු වෙනුවෙන් මිලියන 199 ක්, තුවාල ලත් 442 දෙනෙකුට මිලියන 66 ක් ගෙවා ඇති අතර මියගිය විදේශිකයන් 43 දෙනෙකු වෙනුවෙන් තවම වන්දි ලබා ගෙන නොමැත.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් වින්දිතභාවයට පත්වූවන්ට වන්දි ගෙවීමේ ක්‍රියාවලියේ වර්තමාන ප්‍රගතිය පිළිබඳව හානිපූර්ණ කාර්යාලය (Office for Reparations) විසින් 2019.07.18 දිනට යාවත්කාලීන කරන ලද දත්ත අනුව මරණයට පත් පුද්ගලයන් සංඛ්‍යාව 263ක් වන අතර, ඒ අතරින් මේ වන විට 201 දෙනෙකු සඳහා වන්දි මුදල් ප්‍රදානය කර තිබේ. ඒ සඳහා රජය විසින් වැය කොට ඇති මුදල රුපියල් 199, 350,000/ කි (මිලියන 199 ක් ). තුවාල ලත් ලෙස වාර්තා වන පුද්ගලයන් සංඛ්‍යාව 503ක් වන අතර, ඒ අතරින් 442 දෙනෙකු සඳහා වන්දි ගෙවා ඇත. ඒ වෙනුවෙන් රජය විසින් රුපියල් 66,437,500/ ක් (මිලියන 66ක් ) වැය කොට ඇත. මේ අනුව මේ දක්වා ගෙවනු ලැබ ඇති මුළු වන්දි ප්‍රමාණය රුපියල් 265,787,500/ කි (මිලියන 265).

මෙම සිදුවීමෙන් මරණයට පත්වූ විදේශික පුද්ගලයන් 43 දෙනෙකු වෙනුවෙන් ද වන්දි ගණනය කොට තිබුණද, මේ වන ව්තුරු ඔවුන් වෙනුවෙන් එම වන්දි මුදල් ලබා ගෙන නැත.

මෙයට අමතරව ත්‍රස්ත ප්‍රහාරයෙන් හානියට පත්වූ දේවස්ථාන නැවත ඉදිකිරීම සඳහා ජාතික ප්‍රතිපත්ති, ආර්ථිකක කටයුතු, නැවත පදිංචි කිරීම සහ පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ තරුණ කටයුතු අමාත්‍යංශය විසින් රුපියල් මිලියන 25 ක මුදලක් ශ්‍රී ලංකා යුද හමුදාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත අත්තිකාරම් වශයෙන් නිදහස් කොට ඇත. 

කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට රුපියල් මිලියන 10ක්ද, මඩකලපුව සියෝන් දේවස්ථානය සඳහ රුපියල් මිලියන 5ක්ද, කොළඹ, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙවසථානය සඳහා රුපියල් මිලියන 10ක්ද වශයෙන් එසේ අත්තිකාරම් මුදල් ලබා දී ඇත. 

RSL

Related Posts