ජීවන වියදම ඉහළ යෑමට ප්‍රධාන හේතුව ළමයි ටියුෂන් පංති යැවීම – අධ්‍යාපන ඇමති

Spread the love

වර්තමානයේ ජීවන වියදම වැඩිවීමට ද ප්‍රධානම කාරණාවක් වී ඇත්තේ දෙමාපියන් තම දරුවන්ව උපකාරක පංති යැවීම බව වත්මන් ආණ්ඩුවේ අධ්‍යාපන අමාත්‍ය අඛිල විරාජ් කාරියවසම් පවසයි.

මේ නිසා මින් ඉදිරියට අලූයම 7ට පෙර කිසිදු උපකාරක පන්තියක් පවත්වන්නට නොහැකිවන පරිදි කැබිනට් පත්‍රිකාවක් අසන්න දිනයකදිම ඉදිරිපත් කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ජනතාවගේ ජීවන වියදම ඉහළ දමන ටියුෂන් මාෆියාවට අවශ්‍ය විදිහට මින් ඉදිරියට කිසිදු ජාතික මට්ටමේ විභාගයක් පවත්වන්න ඉඩ නොතබන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි.

වර්තමානයේ නිර්මාණය කරගෙන ඇත්තේ ටියුෂන් මූලික කරගත්ත අධ්‍යාපනයක් බවත් උපකාරක පංති යන්නෙ නැත්තම් එය සමාජයෙන් කොන් වීමක් බවට හැගීමක් දරුවන්ට මෙන්ම දෙමාපියන්ටද දැනෙන බවත් අමාත්‍යවරයා පැවසීය.

ඔහු මේ බව පැවසුයේ පසුගියදා(20) බිංගිරිය උඩවෙල රේවත මහා විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකළ ඉගනුම් සම්පත් මධ්‍යස්ථානය සිසු අයිතියට පත්කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ උත්සවයකට එක්වෙමිනි.

මීට පෙර කුරුණෑගල ප්‍රදේශයේ ඒඩ්ස් ආසාධිතයැ’යි ගම්මුන් පැවසූ මවකගේ දරුවකු පාසැලට ඇතුලත් කිරීම සාධාරණීකරණය කළ මෙම අධ්‍යාපන ඇමතිවරයා ප්‍රකාශ කළේ, ඒඩ්ස් නම් මාරාන්තික රෝගය සුළඟින් බෝවිය හැකි නිසා විදුහල්පතිවරයා ගත් එම තීරණය නිවැරදි බවයි.

එයින් මේ රටේ ජනතාව නීතිඥයෙකු යැයි පවසන වත්මන් අධ්‍යාපන ඇමතිවරයාගේ අධ්‍යාපන සුදුසුකම් වලට පෙර ඔහුගේ සාමාන්‍ය දැනුමේ තරම පිළිබඳව මනා අවබෝධයක් ලබාගත්තේය.

RSL

Related Posts