අධ්‍යාපනයට කෙළවීම ස්ථිරයි!
- RSL
- April 20, 2016
- Uncategorized, පුවත් සහ වාර්තා
- Education in Sri Lanka, news, reports
- 0 Comments
කෙළවනවා යන වචනය ග්‍රාම්‍ය වහරේ යෙදෙන වචනයකි. රීඩ් ශ්‍රී ලංකා මාධ්‍ය භාවිතය තුළ අප රකිනා පත්තරකාර උරුමයක් තිබෙන අතර අපි ඒවා ගැන නිබඳව සැලකිලිමත් වන්නෙමු. ඒ සියල්ල තිබිය දී ම අපි නොසරුප් වචනයක් සේ ද ගිණිය හැකි කෙළවනවා යන වචනය මේ ප්‍රවෘත්තිය සඳහා යොදන්නට තීරණය කළෙමු.
මෙයට දින කිහිපයකට පෙර අප පුවතක් වාර්තා කළේ අධ්‍යාපන පරිපාලන සේවයට දෙන්නට යන දේශපාලන පත්වීම් ප්‍රමාණය ගැන යි. 4500ක් පමණ දෙන්නට යන සට්ටැඹි පත්වීම්වලින් 60ක් පමණ ලබන සතිය වන විට ලබා දෙන බව දැනගන්නට ඇත. මතභේදකාරී තත්ත්වය නිසා මේ පත්වීම් ගැන සොයා බලන්නට කමිටුවක් පත් කර තිබුණත්, එම කමිටුවේ සාකච්ඡාවලින් පසුව ද මේ අමනෝඥ තීරණය ක්‍රියාත්මක කරන්නට යන බව දැනගන්නට ඇත.
දේශපාලන පළිගැනීම්වලට සහන සලසන මුවාවෙන් තම දේශපාලන සට්ටැඹියන් රටක අනාගතය තීන්දු කරන ආයතනයක නිලතලවලට දැමීමෙන් අධ්‍යාපනට කෙළවෙන බව කියන්නට මහ ලොකු කමිටු වාර්තා අවශ්‍ය නැත.
ආයතනවලට කෙරෙන දේශපාලන පත්වීම් නියාමනය කරන්නට එක් පසෙකින් උත්සාහ දරනවා යැ යි පෙන්වන ආණ්ඩුව රටක අනාගතය සමඟ කරන මේ සෙල්ලම කවරක් දැ යි අපි නිරන්තරව සොයා බලන්නෙමු. මේ සම්බන්ධයෙන් අධ්‍යාපනයට සම්බන්ධ ගුරුසංගම්වල මතය අපි ඉදිරියේ දී පළ කරන්නෙමු.
