සංගදාසගේ චූටි කලිසම

Spread the love

sangadasa

අසංක සායක්කාරගේ නිර්මාණයක් වන ‘සංගදාසගේ චූටි කලිසම’ නාට්‍යයේ විශේෂ දර්ශනයක් 2016 මාර්තු 5 දිනයේ බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර්හිදී වේදිකාගත වෙයි. 3.30 සහ 7.00 දර්ශනවාර දෙකක් ලෙසින් සවිධානය කර ඇති මෙම විශේෂ නාට්‍ය දර්ශනවාරය ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් සංවිධානය කර ඇත.

එදින 3.30 දර්ශනය අවසාන වීමෙන් පසුව රාත්‍රී දර්ශනවාරයට පෙර නාට්‍යය පිළිබඳව විවෘත සංවාදයක් පැවැත්වීමට නියමිතය. ලූෂන් බුලත්සිංහල, බුද්ධදාස ගලප්පත්ති, බූපති නලින් වික්‍රමගේ, කෞෂල්‍ය කුමාරසිංහ ඇතුළු පිරිසක් සංවාදයට සහභාගී වීමට නියමිත අතර සංවාදය මෙහෙයවනු ලබන්නේ විමල් කැටිපෙආරච්චි විසිනි.

RSL

Related Posts