බොරු මවන මංගලට රැවටෙන්න එපා! ආර්ථිකයේ හෝ ණය ගෙවීමේ කිසිදු ගැටලුවක් නැහැ – මහ බැංකු අධිපති

Spread the love

ලබන වසරේ (2019) රජයේ ණය වාරික සහ පොලී ගෙවීමේ කිසිදු ගැටලූවක් නොමැති බවද, ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත උපමානය ඇමරිකන් ඩොලර් බිලියන 7.2ක් වන අතර විදේශීය ණය පියවීමට එය ප්‍රමාණවත් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි විසින් ඊයේ (21) නිකුත් කළ නිවේදනයක සඳනන් වේ.

හිටපු කුප්‍රකට මුදල් අමාත්‍ය මංගල සමරවීර ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය විසින් සිදු වූ දේශපාලන වෙනස හේතුවෙන් ආර්ථික කඩාවැටී ඇති බවටත්, ජාත්‍යන්තර ණය සහ රජයේ සේවකයින්ට පඩි ගෙවා ගැනීමට නොහැකි බවත් පවසමින් මාධ්‍ය හරහා අසත්‍ය තොරතුරු ප්‍රවර්ධන කොට ප්‍රචාරය කිරීමේ ව්‍යාපාරයක් ගෙන යන බව දක්නට තිබිණ.

මීට අමතරව ශ්‍රී ලංකා මහ බැංකුව විදේශීය බැංකු සමඟ විදේශ විනිමය හුවමාරු ගිවිසුම් ලබා ගැනීම සඳහා මිත්‍ර රටවල බැංකු සමග රටේ විදේශ විනිමය ප්‍රමාණය තවදුරටත් ශක්තිමත් වන බව එම නිවේදනයෙන් පැහැදිලි කෙරේ.

ශ්‍රී ලංකාවේ ණය වගකීම නිසි පරිදි පියවීම සඳහා දැනටමත් ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවද 2019 වසරේ ජනවාරි මාසයේදී ඇමරිකන් ඩොලර් බිලියන 01 ක සහ 2019 අප්‍රේල් මාසයේ ඇමරිකන් ඩොලර් බිලියන 500 ක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර කල්පිරීම වෙනුවෙන් රජයට පියවීමට ඇති ණය ගෙවීම සඳහා හම්බන්තොට වරාය වෙත ලැබුණු ආයෝජන සහ චීන සංවර්ධන බැංකුවෙන් ලබාගත් ඒකාබද්ධ ණය පහසුකමෙන් අරමුදල් ගොඩනගාගෙන තිබෙන බවද මහ බැංකුවේ පුවත් නිවේදනයෙන් පෙන්වා දෙයි.

මේ අනුව සක්‍රීය වගකීම් කළමනාකරණය ක්‍රියාමාර්ග මඟින් රුපියල් බිලියන 310 නොඉක්මවූ සීමාවක අරමුදල් ලබාගැනීම සඳහා ඉඩප්‍රස්තා සකස්කරගෙන ඇති බව සිය නිවේදනයෙන් මහබැංකුව ප්‍රකාශ කරයි. මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ මෑතකාලීනව දක්නට ලැබුණු සිදුවීම් හමුවේ වුවද ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිරිහීමට ලක්වී නැති බව මහබැංකුව සඳහන් කරයි.

මංගල ප්‍රමුඛ එජාපයේ තොරතුරු දේශපාලන ඉලක්ක මත සකස් කරන ලද පදනම් විරහිත අසත්‍ය බවට මේ තුලින් පැහැදිලි වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඊයේ උදේ පැවති කැබිනට් රැස්වීමට මහබැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, මුදල් සහ ආර්ථික කටයුතු අමාත්‍යංශ ලේකම් එස්. ආර්. ආටිගල සහ ජනාධිපතිවරයාගේ ආර්ථික උපදේශක ආචාරය ලලිත් සමරකෝන් යන අය සහභාගි වී ඇත.

RSL

Related Posts