ඩොලරය 147 ඉක්මවා යයි!

Spread the love

doller

ශ්‍රී ලංකා රුපියල සහ ඇමරිකන් ඩොලරය අතරවන පරතරය බොහෝ සෙයින් වැඩිවෙමින් පවතින බව දකින්නට ලැබේ. ඊයේ එහි උච්චතම මිල ඉහළ යාමක් වාර්තා විය. එනම් ඩොලරයක ගැනුම් මිල රුපියල් 143.16ක් සහ විකුණුම් මිල රුපියල් 147.16ක් වශයෙනි.

ආර්ථික විශේෂඥයන්ගේ මතයට අනුව, රට දරුණු ආර්ථික අර්බුදයක ගිලී ඇත. එය අද ඊයේ සිදු වූවක් නොවුණ ද අවුරුද්දක් පුරා වත්මන් ආණ්ඩුව ද පෙර ආණ්ඩුව මෙන් ජනතාව සංඛ්‍යා ලේඛන හරහා රවටාලන්නට කටයුතු කරන ලද බව පෙනී යයි. ජනතාව වෙත රටේ පවතින ආර්ථික තත්වය පිළිබඳ සත්‍යය පවසා ඉක්මන් වැඩපිළිවෙලක් නිර්මාණය කිරීම කළ යුතු වැදගත් ම කාර්යයි.

එසේ වුවත් ජනතාවගෙන් පමණක් කැපකිරීම් ඉල්ලීම නරුමකමක් වන අතර පාලකයන් ද ක්‍රියාවෙන් තම කැප කිරීම පෙන්වාලිය යුතු ය. නමුත් වත්මන් පාලකයන් උත්සාහ කරන්නේ ජනතාවට පටි තද කරගන්නට කියා තමන් පටි බුරුල් කර ගැනීම යි. පසුගිය දා ගෙන එන්නට උත්සාහකළ මන්ත්‍රී දීමනා වැඩි කිරීම ඒ බව තහවුරු කරයි.

සමස්ත ජාතික ආදායම මෙන් ප්‍රමාණයක් ණය ගෙවන්නට සිදුව ඇති රටක, අනාගතය ඉතා අවිනිශ්චිත අතර මේ මොහොතේ රටට අවශ්‍යව ඇත්තේ දියුණු ආර්ථික විශේෂඥයන්ගේ සහය බවට සැකයක් නැත.

RSL

Related Posts