පොලිස්පති ජූජිත්ව රජයේ රස පරීක්ෂක වෙත
- RSL
- January 14, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- IGP, IGP Pujith Jayasundara, Pujith Jayasundara
- 0 Comments
පොලිස්පති පූජිත් ජයසුන්දරට අද (14) පෙරවරු 9.30 ට රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසට අධිකරණය විසින් නියෝග කර ඇතැයි වාර්තාවේ.
එහිදී ඔහු සිය කටහඬ සාම්පල් ලබාදීමට නියමිත අතර පොලිස්පතිවරයා සිය කටහඬ සාම්පල් ලබාදෙනු ලබන්නේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මන්ත‍්‍රීවරුන් සහ උසස් නිලධාරීන් කිහිප දෙනකු ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කළේ යැයි කියන සිද්ධියට අදාළ රහසිගත දුරකථන සංවාදවල පොලිස්පතිවරයාගේ කටහඬ ඇත්දැයි යන්න සම්බන්ධයෙන් රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශන සඳහාය.
රස පරීක්‍ෂකවරයා වෙත සිය කටහඬවල් සාම්පල් ලබාදෙන ලෙස පොලිස්පතිවරයාට නියෝග කරනු ලැබුවේ කොටුව මහෙස්ත‍්‍රාත්වරයා විසිනි. එම කුමන්ත‍්‍රණ සිද්ධිය පිළිබඳව අනාවරණය කළ ¥ෂණ විරෝධී ජාතික ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ නාමල් කුමාර නමැත්තා ඊට අදාළ රහසිගත දුරකථන සංවාද 24 ක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර තිබිණි. එම හඬපටවල පොලිස්පතිවරයාගේ හා නාමල් කුමාර යන අය අතර සිදුවූ දුරකථන සංවාද කිහිපයක්ද අඩංගු වී තිබූ බව හෙළිදරව්වී තිබුණි.
එම දුරකථන සංවද වල ඇත්තේ පොලිස්පතිවරයාගේ කටහඬද යන්න සොයා බැලීම සඳහා රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුව කරන විමර්ශන සඳහා මෙසේ කටහඬ සාම්පල් ලබා ගැනීමට නියමිතය.
මෙම රහසිගත දුරකථන සංවාද සම්බන්ධයෙන් රජයේ රස පරීක්‍ෂකවරයා මීට ඉහතදී නාමල් කුමාර යන අයගේ හා ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ කටහඬ සාම්පල් පරීක්‍ෂා කර තිබුණි.

