කැබිනට් මණ්ඩලයේ ගැටුම්!
- RSL
- January 28, 2016
- Uncategorized, පුවත් සහ වාර්තා
- news, reports, Sri Lanka Government
- 0 Comments
යහපාලන කැබිනට් මණ්ඩලය සමන්විතව ඇත්තේ විවිධ මතවාදයන් නියෝජනය කරන බලවේගයන්ගෙනි. විවිධ පරස්පරතාවන් දැන් දැන් ඉස්මතු වෙමින් ගැටුම් ඇතිවන්නට පටන් ගෙන ඇත. අමාත්‍ය දයා ගමගේ විසින් මහා නගර සම්බන්ධ අමාත්‍යවරයා වන පාඨලී චම්පික රණවක විසින් ක්‍රියාත්මක කරමින් සිටින වේරැස් ගඟ ව්‍යාපෘතියට අදාළව අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇත.
මේ ව්‍යාපෘතිය සඳහා ඉඩම් අත්පත් කරගැනීමේ දී පාර්ශ්ව කිහිපයකට අසාධාරණයක් වූ බව එම පෙත්සමේ සඳහන් වෙයි. කෙසේ වෙතත් පසුගිය රජය සමයේ බලවත් ලෙස පහර කෑමට ලක් වූ ප්‍රකට ව්‍යාපාරිකයෙක් ද වන දයා ගමගේ මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් බලවත් මැදිහත්වීමක් දක්වන බව පෙනෙන්නට තිබේ.
කෙසේ වෙතත් අතීතයේ නම් මෙලෙස කැබිනට් මණ්ඩලය එකිනෙකා කුළල් කා ගැනීමක් දක්නට ලැබුණේ නැත. කැබිනට් සාමූහිකත්වය නම් සම්ප්‍රදායක් රැකිය යුතු ව ඇති බැවිනි. කෙසේ වෙතත් හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමයට දැකගත හැකි වනු ඇත.