CIDය ඇතුළු පොලිස් කණ්ඩායම් 8ක් විමර්ශන අරඹයි (Video)

Spread the love

කළුතරදී බන්ධනාගාර බස් රථයකට වෙඩි තැබීමෙන් අපරාධ කල්ලි නායකයෙකු ඇතුළු රැඳවූවන් 05 දෙනෙකු සහ නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය ඇතුළු පොලිස් කණ්ඩායම් 08ක් විමර්ශන ආරම්භ කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා ප්‍රකාශ කළේ අදාළ වෙඩි තැබීම සඳහා පුද්ගලයින් 08 ත් 10ත් අතර පිරිසක් සහභාගී වී ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.

වෙඩි තැබීම සඳහා පැමිණි ඇතැම් පුද්ගලයින් පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී සිට ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

කැබ් රථයක් මාර්ගය හරස් කර බන්ධනාගාර බස් රථ දෙකෙහි ගමන් මඟට බාධා එල්ල කර වෙඩි තැබීම සිදු කර ඇති බව වාර්තා වෙයි.

කැබ් රථය එම ස්ථානයේ දමාගොස් තිබියදී පොලිස් භාරයට ගෙන ඇති අතර එය අතුරුගිරිය ප්‍රදේශයේ කාන්තාවකට හිමි රථයක් බවට හඳුනාගෙන තිබෙන අතර වෙඩි තැබීම සිදු කළ පුද්ගලයින් පැමිණි වෑන් රථය සම්බන්ධයෙන්ද විමර්ශන සිදුකරනු ලබයි.

[youtube 2iVSl2-Yc24]

RSL

Related Posts