ගුවන් යානය හරවා යැවූ ශ්‍රී ලාංකිකයාට වසර 10ක බරපතළ සිර දඬුවමක්!

Spread the love

තමන් සතුව බෝම්බයක් ඇති බව පවසා ගුවන් යානයක නියමු කුටියට ඇතුළුවීමට උත්සාහ කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයා අද මෙල්බන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර චෝදනා සම්බන්ධයෙන් වරදකරු වුවහොත් ඔහුට උපරිම වසර දහයක සිර දඩුවමක් නියම වනු ඇති බව සඳහන්ය.

තමන් සතුව බෝම්බයක් ඇති බව පවසා ගුවන් යානයක නියමු කුටියට ඇතුළුවීමට උත්සාහ කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයා මානසික වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමට නියමිත බව වාර්තා වෙයි.

ඒ අනුව අද ඔහු වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කරන බව ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්ත පොලීසිය ප්‍රකාශ කර ඇත.

ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර සිට මලයාසියාවේ ක්වාලාලම්පූර් ගුවන්තොටුපල බලා ගමන් ආරම්භ කළ එම්. එච් 128 දරණ මලයාසියානු ගුවන් සමාගමට අයත් ගුවන් යානයේ ගමන් කළ මගියෙකු තමා සතුව බෝම්බයක් ඇති බවට පවසමින් ගුවන් නියමු කුටියට ඇතුළුවීමට උත්සාහ දරා දැරීම නිසා ගුවන් යානය යළි මෙල්බන් ගුවන්තොටුපලට ගොඩබැස්සවීමට නියමුවා කටයුතු කර ඇති අතර පොලීසිය සිදුකළ මෙහෙයුමකින් එම පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබීය.

ජනතාවගේ ජීවිත අනතුරේ හෙළමින් මෙවැනි අවස්ථාවාදී අඥාන වැඩ කරන පුද්ගලයින්ට දිය හැකි උපරිම දඬුවම් ලබාදිය යුතු බව ජනතාව පවසති.

Loading...

RSL

Related Posts