විමල්ට එරෙහි නඩු ඇසීමට දින නියම කරයි

Spread the love

රුපියල් මිලියන 75 කට අධික වත්කම් සහ මුදල් අයථා ලෙස උපයා ගත් බවට චෝදනා එල්ල වී සිටින ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩුව විභාග කිරීම සඳහා කොළඹ මහාධිකරණය දින නියම කළේය.

මෙම නඩුව අද(06) කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එම නඩුව අද කැඳවූ අවස්ථාවේදී නඩුවට අදාළ පරිගණක සාක්ෂි මෙතෙක් පරික්ෂා කිරීම් විත්තිය විසින් මෙතෙක් සිදුකර නොමැති බවට අනාවරණය විය.

ඒ අනුව පරිගණක සාක්ෂි පරික්ෂා කිරීම සඳහා අවසන් වශයෙන් දින ලබාදුන් මහාධිකරණ විනිසුරුවරයා නඩු විභාගය නොවැම්බර් මස 02 වන දා පැවැත්වීමට නියම කළේය.

2010 වසරේ ජනවාරි මස 01 වන දා සිට 2014 වසරේ දෙසැම්බර් මස 31 දක්වා කාලසීමාව තුළ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් නීත්‍යානුකූලව උපයාගත හැකි ආදායම ඉක්මවා රුපියල් මිලියන 75 කට අධික වත්කම් සහ මුදල් උපයා ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කොට අල්ලස් කොමිසම විසින් විමල් වීරවංශ මන්ත්‍රීවරයාට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.

RSL

Related Posts