කොළඹ ප්‍රදේශ රැසකට අද ජලය ඇනහිටියි
- RSL
- July 20, 2017
- පුවත් සහ වාර්තා
- news, reports, Water Cut
- 0 Comments
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද(20) රාත්‍රි 09.00 සිට හෙට උදෑසන 05.00 දක්වා කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය පවසා තිබේ.
මේ අනුව දෙහිවල, ගල්කිස්ස, රත්මලාන, සොයිසාපුර, අත්තිඩිය, කව්ඩාන, පැපිලියාන, බෙල්ලන්තොට, නැදිමාල, කළුබෝවිල, නුගේගොඩ, කොහුවල යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.
එමෙන්ම වැල්ලවත්ත, පාමංකඩ, කිරුළපන පොලිසියේ සිට රේල්වේ ඇවනියු හයිලෙවල් පාර හන්දිය දක්වා අතුරු මාර්ගයන්, සමැෆර්ස් දක්වා අතුරු මාර්ගයන්වලද ජල සැපයුම අත්හිටුව බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ ය.
මේ අතර තුම්මුල්ල හන්දියේ සිට දුටුගැමුණු විදිය දක්වා හැව්ලොක් පාර සහ එහි අතුරු මාර්ගයන්වල අද රාත්‍රි 09.00 සිට පැය 08 ක කාලයක් අඩු පීඩන තත්ත්වයක් යටතේ ජල සැපයුම සිදු කරන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසා තිබේ.