ඩෙංගු මඩින්න අලුත් ක්‍රියාමාර්ග රැසක්‌

Spread the love

කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ පියවරක්‌ ලෙස ඇතුළුවිය නොහැකි පරිදි අ`ගුලු දමා වසා ඇති නිවාස හා දේපළ වලට ඇතුළුවී පරීක්‍ෂණ කටයුතු සිදු කිරීමටත්, ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් ඇමැති මණ්‌ඩලය තීරණය කර ඇත.

මේ සඳහා මහජන ආරක්‍ෂක පනත යටතේ රෙගුලාසි පැනවීමටද පසුගියදා (17 දා) රැස්‌වූ ඇමැති මණ්‌ඩලය තීරණය කර තිබේ.

එමෙන්ම අවිධිමත් ලෙස කසළ බැහැර කෙරෙන පොදු ස්‌ථාන නිරීක්‍ෂණය කිරීමට CCTV කැමරා සවිකිරීමට හා ඒවායින් ලබාගන්නා දර්ශන ජංගම දුරකථන මාර්ගයෙන් මෙහෙයුම් මැදිරි නිලධාරීන්ට අධීක්‍ෂණය කළ හැකි ක්‍රමවේදයක්‌ සකස්‌ කිරීමටත් පාසල්, රාජ්‍ය ආයතන හා අනෙකුත් ආයතනවල ඩෙංගු මදුරුවන් පැතිරීමට ඉඩ සැලසෙන පරිදි කටයුතු කරන අයට එරෙහිව ඔවුන්ගේ පෞද්ගලික නමින් නඩු පැවරීමටත් තීරණය කර ඇත.

කසළ බැහැර කිරීමට මහජනතාවගේ නිසි සහයෝගයක්‌ නොලැබෙන බවටත් විශේෂයෙන්ම රාත්‍රි කාලයේදී අවිධිමත් ලෙස කසළ බැහැර කිරීම වැඩි වශයෙන් සිදුවන බවටත් ඒකාබද්ධ මෙහෙයුම් කාර්යාලයට පැමිණිලි ලැබෙමින් පවතින අතර මේ පිළිබඳව අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්‌වීමකදී ගත් මෙම තීරණ ෆයිසර් මුස්‌තාපා හා සාගල රත්නායක ඇමැතිවරුන් විසින් ඇමැති මණ්‌ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබාගෙන ඇත.

RSL

Related Posts