හේමසිරිගෙන් CIDය පැය 9 ක් ප්‍රශ්න කරයි
- RSL
- July 17, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Hemasiri Fernando
- 0 Comments
පාස්කු ඉරිදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙරේදා (15) පැය නවයක් තිස්සේ ප‍්‍රශ්න කර ප‍්‍රකාශ ලබා ගෙන ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස කර තිබූ දැනුම් දීමට අනුව හේමසිරි ප‍්‍රනාන්දු මහතා පෙරේදා (15) පෙරවරුවේ එම මූලස්ථානය වෙත පැමිණ තිබේ.
එදින පෙරවරු 10.00 සිට රාති‍්‍ර 7.00 පමණ වන තුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හේමසිරි ප‍්‍රනාන්දු මහතාගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කර ප‍්‍රකාශ ලබාගෙන ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.
පාස්කු ඉරිදා දින එල්ල වූ ප‍්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මත හේමසිරි ප‍්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් මීට පෙර අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටි අතර පසුව ඔවුන් ඇප මත මුදා හැර තිබිණි.
මෙම සිද්ධිය පිළිබඳ හේමසිරි ප‍්‍රනාන්දු මහතාගෙන් දීර්ඝ වශයෙන් ප‍්‍රශ්න කිරීමට නොහැකි වූයේ ඔහු රිමාන්ඞ් භාරයේ පසු වීම නිසා යැයි ද කී රහස් පොලිස් ප‍්‍රකාශකයා පරීක්ෂණ කටයුතුවලට අවශ්‍ය වෙන ආකාරයට යළිත් ඔහුගෙන් ප‍්‍රශ්න කිරීමට බලාපොරොත්තු වන බව ද පැවසීය. පාස්කු ඉරිදා සිදු වූ බෝම්බ ප‍්‍රහාරය පිළිබඳව ලැබුණු තොරතුරු තමා හිතාමතාම වසන් නොකළ බව හේමසිරි ප‍්‍රනාන්දු මහතා රහස් පොලිසියට කියා ඇත.
මෙම සිද්ධිය පිළිබඳව තමාට දැනුම් දෙනු ලබන ඕනෑම මොහොතක නිසි ආකාරයට පිළිතුරු දෙන බව ද හේමසිරි ප‍්‍රනාන්දු මහතා රහස් පොලිසියට පවසා තිබේ.

