සද්ද විද්ද පලංග පතිර රන්ජන් කට නිසා යළි යළිත් නසී! අගමැති රනිල් අවසන් නියෝගය නිකුත් කරයි! අන්දරේලාගෙන් එන පුරුද්දක් දැයි සැකයක්!

Spread the love

මෑත දේශපාලන ඉතිහාසයේ කිසිදු වගවිභාගයකින් තොරව කට මැත දෙඩවීම නිසා වැඩ වරදවා ගත් දේශපාලඥයෙකු වෙත්නම් ඒ එජාපය ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරයෙකු වන රන්ජන් රාමනායකය. අධිකරණයට අපහාස කිරීම යටතේ දැනටමත් විභාගවෙමින් පවතින නඩු කිහිපයක් ඇමති රන්ජන් එරෙහිව පවතී. කිතුණු භක්තිකයෙකු වූ ඇමති රන්ජන් රාමනායක පසුගියදා පොඩි කොලු ගැටයෙකු කරන යූටියුබ් වීඩියෝවකට මහා සංඝරත්නයට නින්දා අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකළ අතර මේ වන විට රන්ජන්ගේ එම ප්‍රකාශයක් බෞද්ධ අබෞද්ධ සමාජයේ අතිවිශාල විරෝධයක් ගොඩනැගී ඇත.

මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා මෙරට සංඝරත්නය සම්බන්ධයෙන් පසුගියදා දක්වා තිබූ විවේචනාත්මක අදහස් තමන් රටේ අගමැති සහ එක්සත් ජාතික පක්ෂ නායක ලෙස තරයේ ප‍්‍රතික්ෂේප කරන බවත්, ඒ පිළිබඳව වහාම ලබන 21 දාට පෙර ලිඛිතව පැහැදිලි කිරීමක් සිදු කරන ලෙසත් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් රංජන් රාමනායක මහතා වෙත දන්වා ඇත. 

විශේෂ ලිපියක් යොමු කරමින් අගමැතිවරයා මේ බව කියා සිටින අතර එහි වැඩිදුරටත් මෙසේද සඳහන් කර තිබේ.

හිතවත් රාජ්‍ය අමාත්‍යතුමනි,

ශ‍්‍රී ලංකාවේ විහාරස්ථානයන්හි වෙසෙන මහා සංඝරත්නය සම්බන්ධයෙන් මෑතකදී ඔබ දැක්වූ අදහස් පිළිබඳව මගේ දැඩි අවධානය යොමු වී ඇත.

මහා සංඝරත්නය විෂයයෙහි ඔබ දැක්වූ එකී අදහස් පිළිබඳව පැහැදිලි කිරීමක් 2019 ජූලි 21 වැනිදාට පෙර මා වෙත ලිඛිතව යොමු කරන මෙන් මෙයින් දන්වා සිටිමි.

ඔබ පළ කර ඇති අදහස් පක්ෂ නායකත්වයේ හා පක්ෂයේ අදහස් සමග පරස්පර බවද මෙහිලා අවධාරණය කරනු කැමැත්තෙමි.

පාරම්පරිකව අප පවුලේ සාමාජික සාමාජිකාවන් බෞද්ධ විහාරස්ථාන හා සමීපව කටයුතු කරමින් ඒවා ගොඩනැංවීමට හා සංවර්ධනය කිරීමට දායකත්වය දැක්වූවෝ වෙති. කැලණිය රජමහා විහාරය, ගංගාරම විහාරය ප‍්‍රමුඛ විහාරස්ථාන ගණනාවක විහාරාධිපති ස්වාමීන්වහන්සේලා සහ අනෙකුත් ස්වාමීන්වහන්සේලා වෙත සිව්පසය සපයමින් ඔවුන්ගේ අධ්‍යාපන හා ශාසනික කාර්යයන් සඳහා අවශ්‍ය පහසුකම් ලබා දෙමින් සමීපව කටයුතු කරන්නෙමු. 

එවැනි පසුබිමෙක ඔබේ ප‍්‍රකාශයේ සඳහන් කරුණු අග‍්‍රාමාත්‍යවරයා වශයෙන් මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නායකයා වශයෙන් ද තරයේ ප‍්‍රතික්ෂේප කරන බවද අවධාරණය කරනු කැමැත්තෙමි.

RSL

Related Posts