CIDය පර්පචුවල් ප්‍රධාන කාර්යාලය වටලා බැඳුම්කරයේ රහස් ලිපි රැසක් සොයා ගනී
- RSL
- May 31, 2018
- උණුසුම් පුවත්, විමර්ශන
- Arjun Aloysius, Bond scam, Perpetual Treasuries
- 0 Comments
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින අර්ජුන් ඇලෝසියස්‌ට අයත් කොළඹ 02, පාක් ලෑන්ඩ් ගොඩනැඟිල්ලේ පිහිටි පර්පචුවල් ට්‍රෙෂරීස් ප්‍රධාන කාර්යාලයේ තිබූ බැඳුම්කර වංචාව සම්බන්ධ රහස්‍ය ලිපි ලේඛන කීපයක් ඊයේ (30) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගනු ලැබුවේය.
බැඳුම්කර වංචාවට සම්බන්ධ රහස්‍ය ලිපි ලේඛන සොයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පර්පචුවල් ට්‍රෙෂරීස් ප්‍රධාන කාර්යාලයේ සිදු කළ පුළුල් සෝදිසි මෙහෙයුමකින් මෙම ලිපි ලේඛන සොයා ගැනීම සිදුකර ඇත.
සිද්ධියට අදාළ කොටුව මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙතින් ලබාගත් සෝදිසි වරෙන්තුවක් අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (30) පෙරවරුවේ සිට රාත්‍රි 10 පමණ දක්‌වා මෙම සෝදිසි මෙහෙයුම සිදු කළේය.
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කිරීමත් සමඟ මෙම කාර්යාලය වසා දමා තිබිණි.

