නාමල්, විමල් හා ශෂී CID යට
- RSL
- January 17, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- CID, Namal Rajapaksa, Shashi weerawansa, wimal weerawansa
- 0 Comments
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන නාමල් රාජපක්ෂ විමල් වීරවංශ සහ ඔහුගේ බිරිය ශෂී වීරවංශගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍ය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (16දා) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එලෙස දන්වා සිටියේ සිද්ධියට අදාළ නඩුව යළි කැඳවූ අවස්ථාවේදීය.
කොටුව මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවේ මේ නඩුව කැඳවනු ලැබීය.
මෙම සතිය ඇතුළත ඔවුන් තිදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවන බවද ප්‍රකාශ ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන බව ඔවුන් ප්‍රකාශ කර ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් මිනීමැරුම් විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් මුණසිංහ මහතා ඇතුළු පොලිස් නිලධාරීහු පිරිසක් නඩුවට අදාළව අධිකරණයේ පෙනී සිටියහ.

