චතුරිකාත් සිරිසේනත් රාජපක්ෂ පුතුන් වගේ ද?

Spread the love

12825214_1201764003182251_1829124972_nපසුගිය දින කිහිපයේ සිට ම ජනපති දියණිය චතුරිකා සිරිසේන යම් යම් මාධ්‍යවල කතා බහට ලක් වුණා ය. පසුගිය සතියේ ඇය මහරගම පිළිකා රෝහලේ කටයුත්තකට සහභාගි වීම නිසා රෝහලේ කටයුතුවලට බාධා පැමිණුනැ යි සමහර මාධ්‍ය වාර්තා කළෝ ය. කරුණු සොයා බැලීමේ දී දැනගන්නට ලැබුණේ එවැනි අපහසුතාවක් ඇති ව තිබුණේ නැත.

පසුගිය කාලයේ රාජපක්ෂ පුතුන් කටයුතු කළ නොමනා ආකාරය නිසාවෙන් ජනතාව සිටින්නේ මෙවැනි සිදුවීම් පිළිබඳව ඇරුණු කල්පනාව ඇති ව ය. එනිසාවෙන් මේ වැනි සිදුවීම් කෙරෙහි ජනතා අවධානය ක්ෂණික ව යොමු වේ. විවිධ ජරපත් දේශපාලන අරමුණු ඇති ජාතිවාදී බලවේග මෙරට අස්ථාවර කරන්නට මාන බලමින් ඉන්නායුරු අපි දනිමු. ඔවුන් විසින් අතේරෝල් ගසා ඕනෑ ම දෙයක් තම වාසියට යොදා ගනිති.

චතුරිකා සිරිසේන හෝ දහම් සිරිසේන ජනපතිවරයාගේ දරුවන් කියා ඔවුන්ට සාමාන්‍ය ලෙස සමාජයේ හැසිරෙන්නට ඇති ඉඩ අවුරාලිය යුතු නැත. පොදු ජනතාව ගමන් කරන පාරවල් වසා කාර් රේස් තැබුවා කියාවත්, රගර් ක්‍රීඩකයන්ට පහර දී කුසලාන ගත්තා හෝ ක්‍රීඩකයන් මරා දමා කණ්ඩායම් අයිති කරගත්තා කියා හෝ චෝදනා ඔවුන්ට ඇත්තේ නැත.

ජනතාව ගිනි පෙනෙල්ලෙන් බැට කා ඇති නිසා කණමැදිරි එළිය ගැනත් අවධානයෙන් ඉඳීම සාධාරණ වුව ද පහත් දේශපාලන වුවමනාවන් වෙනුවෙන් මඩ ගසන්නන්ට රැවටිය යුතු නැත.

12833251_1201764013182250_812470044_n