ඇමති රාජිත පුත් චතුර සේනාරත්නට ඇප!
- RSL
- January 15, 2016
- Uncategorized, පුවත් සහ වාර්තා
- news, reports, Sri Lanka Law
- 0 Comments
චතුර සේනාරත්න යනු සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්නගේ පුත්‍රයා ය. පසුගිය කාලයේ මහින්ද රජය එළවන ජනබලවේග මැදින් ආකාස්මිකව මතු වුණු චතුර ඒ බලවේගයන්ගේ මතු වීමේ වාසිය තම පෞද්ගලික බල වුවමනාව වෙනුවෙන් යොදා ගත්තේ ය. ගම්පහ දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රීවරයෙක් වුණේ ය. ඇත්ත වශයෙන් ම චතුර යනු එක්තරා ශබ්දයක් මිස සාරයක් සහිත දේශපාලන චරිතයක් නොවන බව දේශපාලනයේ අයන්න දන්නා කවුරුත් පාහේ දනිති.
ශබ්ද කිරීම මගින් අනෙකාට තමන් ඉන්නා බව පෙන්වන මර්වින් සිල්වා පන්නයේ චරිතයක මුල් අවස්ථාවක් වන ඔහු කිහිප දිනක් ම වලං කඩේට පැන්න ගොනා සේ තැන් තැන්වල අනින්න ගියේ ය. ගිය වසරේ ගම්පහ දී ත්‍රිරෝද රථ නැවතුමක් සම්බන්ධ ප්‍රශ්නයකට කාවින්ද ජයවර්ධන සමඟ පැටලුණේ ය. ඒ සිද්ධියේ දී පොලිසියට ද තර්ජනය කළේ ය. නඩුවට නොපැමිණ උසාවිය මගහැරියේ ය. 13 වැනි දා උසාවියේ පෙනී සිට ඇප ලබාගත්තේ ය.
යහපාලනය යනු යහපත් රාජ්‍ය පාලනය යි.