අවසන් සාකච්ඡා වටය ඵලදරයි; විදුලි වර්ජනය අවසන්
- RSL
- September 20, 2017
- පුවත් සහ වාර්තා
- CEB, Ceylon Electricity Board
- 0 Comments
ඉංජිනේරුවන්ගේ පඩියට සමාන පඩි වැඩි කිරීමක් ඉල්ලා ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් දින 8ක් තිස්සේ ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අද(20) රාත්‍රියේ අවසන් කළ බව ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසයි.
අද (20) දහවල් විෂය භාර අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා, විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, හෙට (21) පෙරවරු 9.00 ට පෙර සේවයට වාර්තා කරන ලෙසත්, එසේ නොකරන සේවකයින් සේවය හැර ගියාසේ සලකන බවත්, ඔවුන්ට යළි කිසිඳු ආකාරයක සමාවක් හෝ අවස්ථාවක් නොදෙන බවත්ය.
ඒ අනුව ලංකා විදුලි බල මණ්ඩලයේ සියලු සේවකයින්ට සාමාන්‍ය පරිදි හෙට(21) පෙරවරුවේ සිට රාජකාරියට වාර්තා කරන්නැයි දැනුම්දුන් බවද එම සන්ධානය කියයි.
විදුලි සේවක වෘත්තීය සමිති නියෝජිතයින් කම්කරු දෙපාර්තමේන්තුවේදී කම්කරු ඇමැතිවරයා සහ විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති ඇමැතිවරයා සමග පැවැත්වූ සාකච්ඡා සාර්ථකවූ හෙයින් තම වර්ජනය අවසන් කළ බව එම සන්ධානය සඳහන් කරයි.
විදුලි බල මණ්ඩලයේ තාක්ෂණික සේවකයින්ට 10% ත් 13% ත් අතර ප්‍රතිශතයකින් හා ලිපිකරු සේවකයින්ට 10% කින් ආදී ලෙස වැටුප් වැඩිවීමක් ලබාදීමට ලංවිම පාලනාධිකාරිය එම සාකච්ඡාවලදී එකඟතාවය පළකර තිබිණි.

