CBගෙන් අලුත් සොයාගැනීමක්

Spread the love

මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීම සඳහා ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක වුණු බලවේගයන් අතුරින් බැරැක් ඔබාමා ඇමෙරිකානු අය වැය තුළ මිලියන 454 ක මුදලක් වෙන් කර ඇති බවත් අද වන විට ඩොනල් ට්‍රම්ප් විසින් ඒ බව ඉදිරිපත් කර ඇති බවත්
අද (04) ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක් වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී.රත්නායක මහතා පවසයි.

මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීමට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් බලවේගයන් නිර්මාණය වී තිබු බවත් එහි ප්‍රතිඵලයක් ලෙස වර්තමාන රජය බිහි වු බවත් පැවසු මන්ත්‍රීවරයා තව දුරටත් කියා සිටියේ අද වන විට පවතින ආණ්ඩුවේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් දැඩි ජනතා විරෝධයක් නිර්මාණය වී ඇති බවයි.

ඒ බව පසක් කරමින් මහින්ද රාජපක්ෂ සමඟ මැයි රැළිය දා සියලු ජනතාව අත්වැල් බැඳ ගත් නමුත් අද වන විට ඔහුගේ ආරක්ෂාව පවා ඉවත් කර රජයේ ප්‍රතිපත්තිය ප්‍රදර්ශනය කර ඇති බව ද රත්නායක මහතා කියා සිටියේ ය.

සුමන්තිරම් වැනි අයට පවා පසුගිය කාලයේ දී ආරක්ෂාව ලබා දුන් බවත් අද වන විට රට බේරා ගත් නායකයාගේ ආරක්ෂාව දැඩි අනතුරකට ලක්ව ඇති බැවින් ඒ සඳහා සියලු ආගමික නායකයින්ට පෙළ ගැසෙන ලෙස ද ඒකාබද්ධ විපක්ෂය ඉල්ලීමක් කරයි.

RSL

Related Posts