ජාතියේ දරුවන්ගේ පියා බලි පූජාවක් පවත්වලා – ජෙනරාල් සරත් ෆොන්සේකා

උරහිසේ මතුව ඇති ආබාධයකට භෞත චිකිත්සක ප්‍රතිකාර ලබා දීම සඳහා හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා ඊයේ (19 අගෝ.) යළිත් කොළඹ පෞද්ගලික රෝහලකට රැගෙන එනු ලැබිණි. ප්‍රතිකාර ලබා පැමිණි ‍ෆොන්සේකා එහි පැමිණ සිටි පිරිස සමගද කතාබහක නිරත විය. “ජාතියේ දරුවන්ගේ පියා බලි පූජාවක් පවත්වලා ඇතින්නක් අයින් කරලා කිරි බොන පැටියාගෙන්, පැටියා මැරිලා. මේවාගේ වැඩ කිසිම ශිෂ්ටාචාර රටක වෙන්නේ නැහැ. මේ වගේ …

Continue Reading

“Construct 2011” ප්‍රදර්ශනය ජනපති අතින් විවෘත වේ

ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය මඟින් 11 වන වරටත් සංවිධානය කරන ශ්‍රී ලංකා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දැවැන්ත ප්‍රදර්ශනයක් වන “Construct 2011” ඊයේ (19 අගෝ.) සිරිමාවෝ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් විවෘත කෙරිණ. මෙම ප්‍රදර්ශනයට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියුතු ප්‍රකට දෙස් විදෙස් සමාගම් රැසක් එක් ව සිටිති. නිවසක් තැනීමේ දී දැන ගත යුතු සියලු කරුණු හා අංගෝපාංග මෙන් ම …

Continue Reading

පන්සලත් ජනතාවත් අතර පවතින සබඳතාව අඩපණ කිරීමට බලවේග ක්‍රියාත්මක වෙනවා – අගමැති

පන්සලත් ජනතාවත් අතර පවතින සබඳතාව අඩපණ කිරීමට වර්තමානයේ පමණක් නො ව ඉතිහාසයේදීත් බලවේග ක්‍රියාත්මක වූ බව අග්‍රාමාත්‍ය දි.මු.ජයරත්න මහතා අවධාරණය කරයි. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ පසුගියදා කෑගල්ල, යට්ටෝගොඩ, යටාලතිස්ස ධර්මායතන විහාරස්ථානයේ අභිනව චෛත්‍යට මුල්ගල තැබීම වෙනුවෙන් පැවති උත්සවයට සහභාගි වෙමිනි. අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ විහාරස්ථානය වටා ජනතාව පෙළ ගැසුණහොත් අප ජාතියට එරෙහි ව ක්‍රියාත්මක වන අභියෝග පළවා හැරීමට එය ශක්තියක් …

Continue Reading

ගෑස් මිල යළි ඉහළට, සිලින්ඩරයක මිල රු. 2000 පනී

අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්ට්‍රෝ සහ ලාෆ් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල 156 කින් ඉහළ දමා ඇති බව වාර්තා වේ. මේ අනුව ලිට්ට්‍රෝ සහ ලාෆ් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නවතම මිල රුපියල් 2046 දක්වා ඉහළ ගොස් ඇත.

Continue Reading

යුද අපරාධ කුමන්ත‍්‍රණ පරදවන්න අවුට් ඔෆ් වෝ

ශ‍්‍රී ලංකාවට එරෙහිව කි‍්‍රයාත්මක වන යුද අපරාධ චෝදනාවට එරෙහිව නැගී සිටීමට ”යුද අපරාධ කුමන්ත‍්‍රණය පරදවමු” යන තේමාව යටතේ වෙබ් අඩවියක් සහ ග‍්‍රන්ථ කීපයක් එළිදැක්වීම බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී ඊයේ (18 අගෝ.) පස්වරුවේදී සිදු විය. එම වෙබ් අඩවිය අවුට්ඔෆ්වෝ ඩොට් කොම් www.outofwar.com ලෙස නම් කර තිබේ. මෙම වෙබ් අඩවියේ ජාතික කැඳවුම්කරු ලෙස එස්.එල්. ගුණසේකර මහතා කටයුතු කරයි.

Continue Reading

වැටුප් අරගලය පුළුල් ජනතා අරගලයක් දක්වා – කේ. ඩී. ලාල්කාන්ත

ඊ‍යේ (18 අගෝ.) සවස කොළඹ පැවති වෘත්තීය සමිති නියෝජිත හමුව අමතමින් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඩී. ලාල් කාන්ත මහතා පැවසුවේ රාජ්‍ය සේවක වැටුප් රුපියල් 10,000කින් වැඩිකර ගැනීමේ අරගලය ආරම්භ කර ඇති බවත්, ඉදිරියේදී එය පුළුල් ජනතා අරගලයක් බවට පත්කර ගැනීමට කටයුතු කරන බවත්ය. සේවක වැටුප් රුපියල් 10,000කින් වැඩිකරගැනීමේ අරගලය හා එක්වෙමින් ඒකාබද්ධ වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට එළඹීම …

Continue Reading

කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 12 දෙනෙකු අත්අඩංගුවට

කැලණිය විශ්වවිද්‍යාලයේ “බිහිදොර අභියස” කලා උළෙල සඳහා ආධාර එකතුකරමින් සිට එම විශ්වවිද්‍යාලයේ සිසුන් 12 දෙනෙකු කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන පැය 3ක් පමණ රදවා තබා ගත් බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ප්‍රකාශ කරයි. අත්අඩංගුවට ගත් සිසුන් අතර ශිෂ්‍යාවන් 5ක් සහ භික්ෂූන් වහන්සේලා දෙනමක්ද සිට ඇත. කෙසේ වෙතත් එසේ රදවා තබා ගැනීමට හේතුව පොලීසිය ඔවුන්ට දැනුම්දී නොමැති බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය …

Continue Reading

ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වීම සඳහා ශක්‌තිමත් විපක්‌ෂයක්‌ අවශ්‍යයි – හිටපු ජනාධිපතිනිය

සිංහල පුවත්පතක ප්‍රචාරය වූ පුවතක් සම්බන්ධයෙන් අදහස දක්වමින් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්‌ඩාරනායක මහත්මිය අවධාරණය කර සිටියේ කිසිදිනක තමා එක්‌සත් ජාතික පක්‌ෂයට නොයන බවත් එවැනි ප්‍රචාරයන් අසත්‍ය බවත්ය. හිටපු ජනාධිපතිනීය මේ බව පැවසුවේ ඊයේ (18 අගෝ.) කොළඹ පදනම් ආයතනයේ පැවැති එක්‌සත් ජාතික පක්‌ෂයේ මහලේකම් තිස්‌ස අත්තනායක මහතාගේ ස්‌වයං චරිතාපදානය දොරට වැඩීමේ උත්සවයට සහභාගි වෙමිනි. මෙරට ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වීම සඳහා ශක්‌තිමත් විපක්‌ෂයක්‌ අවශ්‍ය …

Continue Reading

දුරකථන සංඥාවකින් දොර ජනේල වැසිය හැකි උපකරණයක්

ඕනෑම දුර ගමනක් ගොස් සිටියදී වුවද දුරකථන සංඥාවක් මඟින් නිවසේ දොර ජනේල් වස්ස දැමියක් හැකි සහ විදුලි පරිපථ ආධාරයෙන් විදුලි පහන් නිවා දැමිය හැකි සහ දැල්විය හැකි විශේෂ උපකරණයක් තැනීමට අම්පාර සද්ධාතිස්ස විදුහලේ 11 වන වසරේ ඉගෙනුම ලබන ගයාන් මධුශංක සිසුවා සමත්වී ඇත. කින්නියා මහා අධ්‍යාපන ප්‍රදර්ශනයට මෙම නව නිර්මාණය ඉදිරිපත් කළ ඔහුට ඒ සඳහා ප්‍රථම ස්ථානයද හිමිවී ඇති බවද …

Continue Reading

දූෂිත පාලකයා කොමිෂන් ගහ ගහ මුනිවත රකිනවා – ජෙනරාල් සරත් ෆොන්සේකා

භෞත චිකිත්සක ප්‍රතිකාර සඳහා හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ඊයේ (17 අගෝ.) යළිත් කොළඹ පෞද්ගලික රෝහලකට රැගෙන ආවේය. අද පෙරවරුවේ සරත් ෆොන්සේකා රෝහලට පැමිණි අවස්ථාවේ මෙසේ පැවසීය. “බාල  පොල්, බාල  තෙල්, දැන් බාල සිමෙන්ති. දූෂිත පාලකයා කොමිෂන් ගහ ගහ මුනිවත රකිනවා. දූෂිත පාලකයා නීති කඩන හින්දා රටේ මිනිස්සුත් නීති කඩනවා. දැන් හමුදාවට ගහනවා පොලිසියට පහර දෙනවා. ලංකාව ඔහොම ගියොත් ඉතියෝපියාව වගේ …

Continue Reading