දත්ත මැකී යෑම ගැන ඇමති චන්න ජයසුමනගෙන් මැති සබයේදී විශේෂ ප්‍රකාශයක්

ඖෂධ නියාමන අධිකාරියේ ( NMRA) දත්ත මැකී ගොස්  ඇත්තේ පසුගිය රජය සමයේදී කෝටි ප්‍රකෝටි ගණනක් පාඩුවූ ඖෂධ ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමෙන්  පසුව යැයි  ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී  අද (21) පැවසීය. මැකී ගොස් ඇති එම දත්ත ප්‍රතිස්ථාපනය කිරීමට කටයුතු කරගෙන යන බව පැවසූ රාජ්‍ය ඇමැතිවරයා එම  සිද්ධියට සම්බන්ධවූ සියලුම දෙනාට සුදුසු නීතිමය ක්‍රියාමාර්ග …

Continue Reading

එක්සත් ජාතීන් හෙළි කළ ලෝකයේ කුසගින්න ගැන බිහිසුණු චිත්‍රය

කොවිඩ් -19 වසංගතය හේතුවෙන් ලොව පුරා මිලියන 811ක් සාගින්නෙන් පෙළෙන බවත් ගෝලීය මන්දපෝෂණය 8.4% සිට 2020 වසරේදී 9.9% දක්වා ඉහළ ගිය බවත් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් නිකුත් කළ නවතම වාර්තාවක සදහන් වේ. සෞඛ්‍ය සම්පන්න ආහාර වේල් වල අධික පිරිවැය සහ අඛණ්ඩ ආදායම් අසමානතාවයන් සමඟ 2019 දී ලොව සෑම ප්‍රදේශයකම සිටින බිලියන 3ක ජනතාවකට, විශේෂයෙන් දුප්පතුන්ට සෞඛ්‍ය සම්පන්න ආහාර …

Continue Reading

චීන සමාගමකින් ආනයනය කළ කාබනික පොහොර සාම්පලයක ක්ෂුද්‍ර ජීවීන්

එළඹෙන මහ කන්නය සඳහා ආනයනය කරන කාබනික පොහොරවල කිසිදු ශාක, සත්ව හා මනුෂ්‍යයින්ට හානිකර ව්‍යාධිජනක ක්ෂුද්‍ර ජීවීන් නොමැති බවට රජය සහතික වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි. කෘෂිකර්ම අමාත්‍යාංශයේ අද (17) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව කීවේය. රසායනික පොහොර සමාගම් විශාල මුදලක් වැයකොට බොරු ප්‍රචාර සමාජගත කරමින් ගොවි ජනතාව කාබනික බෝග වගාවෙන් ඈත් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක …

Continue Reading

NMRA දත්ත ගිල්ලේ කවුද ?

වසංගත තත්ත්වය පමණක් නොව ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීයාම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැඩි ආන්දෝලනයට තුඩු දී ඇති සිද්ධියක් බවට පත්ව ඇත. පසුගිය සමයේදී මේ සම්බන්ධව මාධ්‍ය තුළ දැඩි කතාබහක් මතුවිය. ජුලි මස මුල දිනකදී මේ දත්ත මැකී ගිය බව පසුගියදා මාධ්‍ය මගින් අනාවරණය කෙරුණි.  මෙම සිද්ධිය පිටුපස සැබෑවටම ක්‍රියාත්මක වී ඇත්තේ අදිසි හස්තයක් බවට වූ කතාබහක් මේ වනවිට නැවතත් ඉස්මතු වෙයි. ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීයාම පිටුපස සිටින ප්‍රබල චරිතය වන්නේ විපක්ෂයේ ප්‍රබල භූමිකාවක් ඉෂ්ට කරනු ලබන දේශපාලන බලවතෙකු යැයි පැවසේ. ඔහු පෞද්ගලික සමාගමක් වෙත ලබාදුන් කොන්ත්‍රාත්තුවක ප්‍රතිඵලයක් ලෙස …

Continue Reading

කබ්රාල්ගේ පත්වීමට එරෙහිව මැන්ඩමූස් ආඥාවක් ලබා ගැනීමට පියවර

  දූෂණ චෝදනා එල්ලවී තිබෙන අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති වශයෙන් පත් කිරීම වළක්වාලමින් මැන්ඩමූස් ආඥාවක් නිකුත් කරන ලෙස අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇත. හිටපු ආණ්ඩුකාරවරයෙකු වන රජිත් කීර්ති තෙන්නකෝන් මෙම පෙත්සම අද දහවල් අභියාචනාධිකරණය වෙත විද්යුත් තැපෑල මාර්ගයෙන් ඉදිරිපත් කර ඇත. ඒ සමඟම මෝසමක් ඉදිරිපත් කරමින් මෙම අභියාචනය සැප්තැම්බර් 15වෙනි දින විභාගයට ගන්නා ලෙස ද ඉල්ලා ඇත. දූෂණ …

Continue Reading

මහ බැංකු අධිපති ඉල්ලා අස්වෙන්නේ ඇයි?

මහ බැංකු අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් එළැඹෙන 14 වෙනිදා සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව සිකුරාදා (සැප්තැම්බර් 10) පැවසීය. විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කළේ, ලබන මාසයට යෙදෙන සිය 80 වෙනි උපන් දිනයේදී විශ්‍රාම යෑමට තීරණය කර තිබුණ ද පසුගිය දින 10 තුළ ඇතිවූ සිත්රිදවීම් නිසා තමා දැඩි මානසික ආතතියකට ලක්ව සිටි බවය. ඒ අනුව, කලින් සැලසුම් කළ …

Continue Reading

ෆයිසර් එන්නත: හම්බන්තොටට විශේෂ සැලකිල්ලක් දක්වා තිබෙන්නේ ඇයි?

සැප්තැම්බර් 2 වන දා සිට, ශ්‍රී ලංකාවේ වයස අවු. 20 – 30 කාණ්ඩයේ පුද්ගලයින්ට ද දිස්ත්‍රික් මට්ටමෙන් කොවිඩ් එන්නත ලබාදීම ඇරඹුණි. මෙහිදී යුද හමුදාවේ මූලිකත්වයෙන්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ තරුණ පිරිසට පළමු මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීම සිදුවිය. කෙසේ නමුත් ඒ පිළිබඳ විරෝධයක් සමාජ මාධ්‍ය ජාලාවන් තුළින් සේම වෛද්‍ය වෘත්තිකයින් අතරින් ද මතුවනු දක්නට ලැබුණි. මෙම තීරණයට විරෝධය දක්වමින් මාධ්‍ය ප්‍රකාශයක් නිකුත්කළ …

Continue Reading

ආහාරවල සෞඛ්‍ය සම්පන්න බව පමණක් පරීක්ෂා කිරීම ප්‍රමාණවත් ද ?

අපෙන් බොහෝ දෙනෙක් අප මිලදී ගන්නා ආහාර සෞඛ්‍ය සම්පන්නද කියා ලේබල් පරීක්‍ෂා කරති. නමුත් අපෙන් කී දෙනෙක් අප ගන්නා දේ පරිසරයට හිතකර වන අයුරින් නිපදවනවාදැයි පරීක්‍ෂා කරනවාද? සමහර කෘෂිකාර්මික ක්‍රම ඇත්ත වශයෙන්ම කාබන් විමෝචනය අඩු කිරීමට උපකාරී වේ. උදාහරණයක් ලෙස වායුගෝලයෙන් කාබන් ඉවත් කර පසෙහි ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීමට එවැනි කෘෂිකාර්මික ක්‍රම උපකාරී වේ. බොහෝ කුඩා පරිමාණ ගොවීන් මෙම ‘පුනර්ජනනීය ගොවිතැන …

Continue Reading

ශ්‍රී ලංකාවේ 2020 මිරිදිය මත්ස්‍ය හා ශාඛ රතු දත්ත ලැයිස්තු එළි දැක්වේ

ශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍ය හා ශාඛ පිළිබඳ රතු දත්ත ලැයිස්තු දෙක ඊයේ (03) දින පෙරවරුවේ පරිසර අමාත්‍යාංශයේ දී එළිදක්වනු ලැබීය. පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ හා අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් Zoom තාක්ෂණය යොදා ගනිමින් මෙම එළි දැක්වීම සිදු කළේය. මේ සඳහා දායකත්වය දැක්වූ කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය දේවක වීරකෝන්, මහාචාර්ය සිරිල් විජේසුන්දර හා ආචාර්ය සුභානි රණසිංහ …

Continue Reading

‘ගුගල්වල Sex සෙවූ‘ රටවල් අතර ශ්‍රී ලංකාව යළි අංක 01ට

ආන්දෝලනයට ලක්වූ බෙලිහුල්ඔය පහන්තුඩාව දියඇල්ල පසුබිම් කරගනිමින් අසභ්‍ය වීඩියෝ පටයක් නිර්මාණය කිරීමේ සිද්ධියට අදාළ යුවළ අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සදහන් කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමාජ ජාල අපරාධ සම්බන්ධ විමර්ශන අංශය විසින් සිදුකළ විමර්ශනයකින් පසු අසභ්‍ය ප්‍රකාශන පනත ප්‍රකාරව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව ද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය. අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ මහරගම ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි තරුණයකු …

Continue Reading