ඉතිහාසය මෙතැනින් අවසන් ද..?

මේ සටහන ලියැවෙන අද වන විට නව ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ දිවුරුම් දී වැඩ පටන්ගෙන ඉකුත්ව ගොස් ඇත්තේ සතියක් පමණ කාලයකි. ඉතා පැහැදිලිව නූතන සිංහල බෞද්ධ ජාතිවාදය සිය දෘෂ්ටිවාදය කරගනිමින් සටනට ආ ඔහුට එකී නියෝජනයේ බහුතරය ලැබුණේ ඉහටත් උඩිනි. යුද තත්වය සමහන් වී වසර 10 කට පසුව පවා මහින්ද රාජපක්ෂ ලබාගත් තරම්වත් ඡන්ද ප්‍රමාණයක් ඔහුට උතුරෙන් නොලැබීම කියාපාන්නේ ඔවුන් බලය …

Continue Reading

මහා විජයබාහු රජුගේ නැවත උත්පත්තිය ලබා අප අතරේ.. මහාචාර්ය සෙනරත් පරණවිතාන පදනමින් විමර්ශනාත්මක අනාවරණයක්!

මීට වසර 900කට පමණ ඉහත කාලයේ දී දකුණු ආසියාවේ නාවික බලසේනාවන්ගෙන් සන්නද්ධ වූ දක්ෂිණ භාරතයේ මහා චෝල අධිරාජ්‍යයේ බලය සුන්නද්දූලි කරමින් සිංහල ජාතියට අපේ මාතෘ භූමියේ අයිතිය ලබා දුන් මහා හෙළ රණවිරුවා මහා විජයබාහු රජතුමා ය. මේ යුගයේදී දෙමළ ඊළාම් මිත්‍යාවෙන් අන්ධ වූ පිරිබාහරන් ප්‍රමුඛ දමිළ ත්‍රස්තවාදයෙන් අපගේ සිරිලක් මාතාව නිදහස් කර ගැනීමට සිය දිවි පරදුවට තබා, දැයේ අභිමානය ලොව …

Continue Reading

එදා මෙදා තුර ගම්ටට්ටමින්, බිම්මට්ටමින්, තම්මැට්ටම් ගසමින් ගිය සජිත්ගේ හම්බන්තොට අස්වැන්න..

මෙවර එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා වූයේ එම පක්ෂ අභ්‍යන්තරයේ කැරලි ගසමින්, අවුල් වියවුල් නිර්මාණය එම අපේක්ෂකත්වය ඩැහැ ගත් සජිත් ප්‍රේමදාසය. ඔහු කාලයක් පුරා වේදිකා මත කැබරූ වදන් පෙළ වුයේ සජිත් ප්‍රේමදාස වන තමා ගම්මට්ටමින්, බිම්මට්ටමින් ජනතා සේවයට කැප වෙමින් ජනදුක හඳුනාගත් ජනතාව පෙළගැස්වන නායකයෙකු බවයි. එම නිසා සජිත් ප්‍රේමදාස මහතා තමන් නියෝජනය කළ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් සහ විශේෂයෙන් …

Continue Reading

පෑඩ් මෑන් ද..? වෑන් මෑන් ද..?

මම උසස්පෙළ විභාගෙට යද්දි මට මාසික වේදනා හැදුණා. මගේ සුදු ඇඳුම පුරාම ලේ… මම ආපහු හැරිලා ගෙදරට ගියා. ඒත් මට අඳින්න තිබ්බ අනිත් ඇඳුම හෝදලා වනලා තිබ්බ නිසා විභාගෙට ඇඳගෙන යන්න විදිහක් තිබුණෙ නෑ… අපේ අම්මා චීත්ත රෙද්දක් ගෙනැත් මගේ ඉන වටේට අන්දවලා කිව්ව දුවේ ගිහින් විභාගෙ ලියන්න කියල. මම හෝල් එකට ගියත් ගුරුවරු මට චීත්තෙ ඇඳගෙන විභාගෙ ලියන්න දුන්නෙ …

Continue Reading

අපක්ෂපාතී මාධ්‍යවේදියෙකුගේ සත්‍යවාදී හෘද සාක්ෂිය..

සජිත් අයියේ,  එදා උඹට අපේක්ෂකත්වය ලැබුණු ගමන් තිබුණු මාධ්‍ය සාකච්ඡාවේදී පිටට තට්ටුවක් දාල “කොහොමද මල්ලි” කියලා මගෙන් අහපු උඹට මම පහුගිය ටිකේ ගහපු ගැහිල්ල උඹ දකින්න ඇති. ඒවා දැකලා උඹ හිතනවා ඇති ඇයි මේ මිනිහා මට මෙහෙම අසාධාරණ විදියට ගහන්නේ කියලා. සමහර විට උඹට තරහා ඇති. සමහර විට වේදනාවක් ඇති.  මම වගේම එදා එතන හිටපු හැම කෙනෙක්ටම උඹ කතා කරපු …

Continue Reading

පෑඩ් කතාවට අලුතින් එකතු වෙන්න ගෙතෙන කථාව ගැන විග්‍රහයක්.. ටෙන්ඩර් එක මහරාජාටලු..!

ලංකාවේ සැනිටරි පෑඩ් වලින් 80%ක මාකට් ෂෙයා එකක් තියෙන්නේ මහරාජා එකේ සබ්සිඩි එකක් වෙන International Cosmetics කියන ආයතනයටලු. මේ ජනාධිපතිවරණයේ මහරාජා සජිත්ට සපෝට් කරනවා ඒක එළිපිට පේන්න තියෙනවා. මේ කාරණය නිසා නිසා සජිත් පත්වෙලා ආවහම සැනිටරි පෑඩ් නෙමෙිලේ දෙන්න ටෙන්ඩර් එක දෙන්නේ International Cosmetics එකටලු. මේ සම්පූර්ණ සැනිටරි පෑඩ් නිකං දෙන අදහස සජිත්ට ජනාධිපතිවරණයට උදව් කරනවාට කෘතුගුණ සැළකීමක් විදියට මහරාජාට …

Continue Reading

Exclusive: අද්විතීය අනාවරණයන් සමඟ ගෝඨාභය ගැන ලිපි වුණු පොතේ නොලියවුණු ටික යළි ලියවෙයි..

මැදමුලන වහලුන්ට අනුව යුධ ජයග්‍රහනය රාජපක්ෂලාගේ වික්‍රමයකි. වහලුන්ට ගෝටාබය යනු  මිලිටරි ක්‍රියාන්විතය මෙහෙයවූ  මහා සෙන්පතියාය. නමුත් ඇත්ත  කතාව ගෝටාබය යනු  යුධ මෙහෙයුමේ වාටියේ සිටි අයෙකි. රෝෂාන් ගුනතිලක සහ කරන්නගොඩද යුධ මෙහෙයුමේ වාටියේ සිටියා යයි කීමෙහි අයුක්තියක් නැත. යුද්ධයට නායකත්වය දුන්නේ සරත් ෆොන්සේකාය. හමුදාවේ 20000ක් දිවි දෙන  විට ගුවන් නාවික යන දෙකේම මිය ගියේ 500කට ආසන්න පිරිසකි. මහ පොළොවේ යථාර්ථය සැගවිය …

Continue Reading

ජලනිට එරෙහිව අභ්‍යන්තර කුමන්ත්‍රණයක්..! එජාපයට රිංගූ පොල් කුරුමිනියන්ගේ මෙහෙයුම..!

ජනපති සිරිසේන යනු එක් ‍රැයකින් වීරයෙකු වූ චරිතයකි . 2014 නොවැ 14 දින පොදු අපේක්ෂකයා ලෙස නම් කිරීමත් සමග එක්සත් ජාතික පාක්ෂිකයන්ට ඔහු වීරයෙකු විය. ජනවාරි 8 දූෂිත රාජපක්ෂ රෙජීමය පරාජය කිරීමත් සමග මුලු ලෝකයටම ඔහු වීරයෙකු විය. සැබැවින්ම සිරිසේන යනු අත්පොලසන් වර්ෂාවක් මැද වේදිකාවෙන් බැස යා හැකිව තිබු නායකයෙකි. සැම කල්හි ලොව ගෞරවාදරය දිනා ගත හැකිව තිබූ නායකයෙකි. නමුත් …

Continue Reading

සියල්ලන් ඉදිරියේ සජිත්ව ගොනාට ඇන්දවවූ චම්පිකගේ ප්‍රෝඩාව ගැන තොරතුරු තාක්ෂණ සංවිධාන කරුණු හෙළි කරයි

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය භාර අමාත්‍යවරයා වන පාඨලී චම්පික රණවක විසින් සිදුකරගෙන යනු ලබන “මෙගා මයින්ඩ්” නැමැති සංදර්ශන මාලාවේ වැඩසටහනකදී, පා.ච.රණවක අමාත්‍යවරයා දැනුවත්ව හෝ නොදැනුවත්ව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සහ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාව දෘෂ්ටි ප්‍රයෝග මඟින් විද්වත් වෘත්තිකයින් ඉදිරියේ දැඩි අපහසුතාවයටත්, ලැජ්ජාවටත් පත්කිරීම කරමින් රටේ පොදු මහජනතාව ගොනාට ඇන්දවීමට ගත් නිර්ලැජ්ජිත උත්සහය මෙරට තොරතුරු තාක්ෂණ සංවිධාන …

Continue Reading

පා.ච. රණවකගේ මෙගා බයිලා “මෙගා මයින්ඩ්” ප්‍රෝඩාවට සජිත් අහුවුනාද..?

චම්පික රණවක යනු නැනෝ තාකෂණය, ආර්ටි‍ෆිෂල් ඉන්ටෙලිජන්ස්, පරමාණුක ශක්තිය වැනි බරපතල මාතෘකා ගැන රට පුරා කථා පවත්මින් යන අයෙකි. ”මෙගා මයිඩ් ” යනු එවැනි හිස් කථා පැවැත්වීම සදහා චම්පික ඇටවූ වේදිකාවකි. තමන් පුම්බා ගන්නා ”මෙග මයින්ඩ්” නම් හරසුන් නාටකයට මේ දක්වා වියදම් කොට මුදල් ප්‍රමාණය මිලියන 110 කි . මෙකී නාඩගමට චම්පික වියදම් කරන්නේ ගෙදරින් ගෙන එන මුදල් නොවේ, කිරි …

Continue Reading