පෑඩ් කතාවට අලුතින් එකතු වෙන්න ගෙතෙන කථාව ගැන විග්‍රහයක්.. ටෙන්ඩර් එක මහරාජාටලු..!

Spread the love

ලංකාවේ සැනිටරි පෑඩ් වලින් 80%ක මාකට් ෂෙයා එකක් තියෙන්නේ මහරාජා එකේ සබ්සිඩි එකක් වෙන International Cosmetics කියන ආයතනයටලු. මේ ජනාධිපතිවරණයේ මහරාජා සජිත්ට සපෝට් කරනවා ඒක එළිපිට පේන්න තියෙනවා. මේ කාරණය නිසා නිසා සජිත් පත්වෙලා ආවහම සැනිටරි පෑඩ් නෙමෙිලේ දෙන්න ටෙන්ඩර් එක දෙන්නේ International Cosmetics එකටලු. මේ සම්පූර්ණ සැනිටරි පෑඩ් නිකං දෙන අදහස සජිත්ට ජනාධිපතිවරණයට උදව් කරනවාට කෘතුගුණ සැළකීමක් විදියට මහරාජාට මුදල් ඉපයීමේ අවස්ථාව ලබාදීමලු.

ලංකාවේ සැනිටරි පෑඩ් පාවිච්චිය 30%යි. ලංකාවේ ඔසප්වෙන කාන්තාවෝ 70%ක් පාවිච්චි කරන්නේ නෑ. දැනට International Cosmetics වල මාකට් ෂෙයා එක වෙන 80% කියන්නේ අර සැනිටරි පෑඩ් පාවිච්චි කරන 30%න් 80%ක්. International Cosmeticsවල මාකට් ෂෙයා එක 100%ක් කියලා හිතුවත්. ඒ කියන්නේ කාන්තාවන්ගෙන් 30%යි. තව ගෙඩි පිටින්ම 70%ක් ඉතුරුයි. ඒ කියන්නේ මේ කියන ටෙන්ඩර් එක අරගෙන ක්‍රියාත්මක කරන්න International Cosmetics වලට දැනට සපයන සැනිටරි පෑඩ් ප්‍රමාණය වගේ 2.33 ගුණයක වැඩිපුර සැනිටරි පෑඩ් උවමනායි.

මහරාජාට නෙමෙයි සක්කරයාට ආවත් International Cosmetics එකට දැනට තියෙන කැපෑසිටිය එක සැරේ තවත් 233% ගුණයකින් වැඩි කරන්න බැහැ. ඉතින් මේ සම්පූර්ණ ටෙන්ඩර් එක මහරාජාට යන්න විදියක් නැහැ. ගියත් කරන්න බැහැ.

ඒ ඇරුනහම මේ වගේ ලොකු ටෙන්ඩර් කිසිම එකක් තනි සප්ලයර් කෙනෙකුට දෙන්නේ නැහැ. ලංකාවේ මෙච්චර කාලයක් තිබුන පාසල් නිල ඇඳුම් ටෙන්ඩර් එක වුනත්, පාසල් සපත්තු ටෙන්ඩර් එක වුනත් තනි සප්ලයර් කෙනෙක් කරපු දෙයක් නෙමෙයි. ඒවා ඇප්ලයි කරන සප්ලයර්ලාගේ කැපෑසිටි එක අනුව බෙදාදීමක් තමයි සිදුවෙන්නේ.

‍මේ කතාව නිකං දේශපාලන මඩක් මිසක් ගතයුත්තක් තියෙන කතාවක් නෙමෙයි.

එතැනින් එහාට ගියාම…

දැනට ලංකාවේ 70%ක් සැනිටරි පෑඩ් අඳින්නේ නෑ. මේකට එක හේතුවක් මිල, ලංකාවේ සැළකියයුතු පිරිසක් කාන්තාවෝ විශේෂයෙන්ම අම්මලා තමුන්ගේ සනීපාරක්ෂාවට වැඩිය තමුන්ගේ දරුවන්ට ලැබෙන දේ ගැන බොහොම උනන්දුයි. වතුකරයේ, මොනරාගල, හම්බන්තොට, පොළාන්නරුව වගේ පැතිවල ජීවත්වෙන අඩු ආදායම් ලාභී අම්මලා සැනිටරි පෑඩ් පැකට් එකක් ගන්න වියදම් කරන රු.150/=න් තමුන්ගේ ළමයට යෝගට් එකක්, අයිස්ක්‍රීම් එකක් නැත්නම් වෙන මොනවාහරි ගෙනියනවා මිසක් ඒකෙන් සැනිටරි පෑඩ් ගන්නවා අඩුයි.

මේකට අමතරව ලංකාවේ මේ මෙන්සස් වීම සම්බන්ධයෙන් ලොකු ටැබූ එකකුත්, සැනිටරි පෑඩ් වල අවශ්‍යතාවය ගැන නොදැනුවත්කමකුත් තියෙනවා.

මේක ඇත්තටම ලංකාවේ තියෙන ලොකු සෞඛ්‍ය සම්බන්ධ ගැටළුවක්.

ඊ‍‍යේ වෙනකම් තත්වය තිබුනේ මේ විදියට

හැබැයි අද වෙද්දී මේ කැම්පේන් එකට පින්සිද්ධ වෙන්න සජිත් ජනාධිපති වුනත් ගෝඨා ජනාධිපති වුනත් අපේ ගම්බද කාන්තාවන්ට සැනිටරි පෑඩ් පාවිච්චි නොකර ඉන්න අර කලින් තිබුන හේතුටිකට අමතරව රට ජාතිය ආරක්ෂා කරගැනීම කියලා අළුත් හේතුවක් අද වෙද්දී පොහොට්ටුව අඳුන්නලා දීලා තියෙනවා.

මීට අමතරව මෙතන තියෙන අනිත් කාරණාව වෙන්නේ ගෝඨාබය ජනාධිපතිවුනාම සැනිටරි පෑඩ් පාවිච්චිය වැඩි කරන්න ඔහු යෝජනා කරන්නේ සැනිටරි පෑඩ් වලට දාලා තියෙන බද්ද ඉවත් කිරීමෙන් ලාභ දායක කරන එක. එතකොට සැනිටරි පෑඩ් බෙදාහරින්නේ දැනට සැනිටරි පෑඩ් බෙදා හරින සමාගම් ටිකම තමයි. ඒ ක්‍රියාවලියෙදී දැනට 80%ක මාකට් ෂෙයා එකක් තියෙන International Cosmetics තමයි පෙරමුණ අරගෙන අර කියන සැනිටරි පෑඩ් පාවිච්චි නොකරන 70%ට සැනිටරි පෑඩ් සප්ලයි කරන්න ඕන.

‍මේ කැම්පේන් එකෙන් වෙන්නේ ගෝටා ඒ ලබාදෙනවා කියන සොළූෂන් එකත් ලබාදෙන්න කලින්ම කඩාකප්පල් වෙන එක.

-ප්‍රසාද් වැලිකුඹුර-

RSL

Related Posts