ශ‍්‍රී ලංකා පන්දු යවන්නන්ගේ සාර්ථකත්වය වතුරේ !

පිතිකරුවන් ලෙසින් ක්‍රීඩා කරන සියල්ල සිය ග්‍රහණයට ගැනීමට සුරංග ලක්මාල් ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුවත් 9 වැනි පිතිකරුවා ලෙසින් පිටියට පිවිසි රඛීම් කෝන්වෙල් අනපේක්ෂිත ලෙස රැස් කරන ලද ලකුණු 60 ක ඉනිම හේතුවෙන් පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනයයේදී (22 වැනිදා) ලකුණු 99 කින් ශ්‍රී ලංකාවට වඩා පෙරමුණ ගැනීමට සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්විය. කෝන්වෙල්ගේ මංගල අර්ධ ශතකය හේතුවෙන් ශ්‍රී ලංකා පිල පළමු …

Continue Reading

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ශ‍්‍රී ලංකාවට 22/l4ක් ලෙස අන්ත පරාජයක්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුසිලයේ බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් කිහිපයක් වීසින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් ගෙන ආ යෝජනාව වැඩි ඡන්ද 11 කින් සම්මත විය. එම යෝජනාවට පක්ෂව ඡන්ද 22ක්ද විපක්ෂව ඡන්ද 11ක්ද ලැබිණි. රටවල් 14ක් ඡන්ද දීමෙන් වැළකී සිටියහ. 2021 වසර මුලදී ශ්‍රී ලංකාව පිළිබඳ දැඩි වාර්තාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහකොමසාරිස්වරිය විසින් සකස් කළාය. එම වාර්තාව කියා …

Continue Reading

පරිසර ප්‍රේමීන්ට ‘ජනපතිගෙන්’ විවෘත ආරාධනයක්

මෙරට සියලුම ගංඟා වසර අවසානයට පෙර පවිත්‍රකර සංරක්ෂණයට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පරිසර අමාත්‍යාංශයට උපදෙස් දෙයි. “සුරකිමු ගංගා” වැඩසටහන යටතේ ගංගා පද්ධතිය පවිත්‍ර කිරීමට වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 2300කි. එම මුදල ප්‍රමාණවත් නොවන්නේනම් වසර අවසන්වීමට පෙර ව්‍යාපෘතිය නිම කරනු වස් අතිරේක මුදල් සම්පාදනය කරන බව ජනාධිපතිවරයා පැවසීය. විලාසිතාවක් ලෙස පරිසරය වෙනුවෙන් පෙනී  නොසිට හැම කෙනෙක්ම තම වගකීම …

Continue Reading

ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 169ට සීමාවෙයි !

ජේසන් හෝල්ඩර්ගේ ඇතුළු බටහිර ඉන්දීය කොදෙව් පන්දු යවන්නන්ගේ විශිෂ්ඨ පන්දුයැවීම හේතුවෙන් ඇන්ටිගුවාහි ඇරැඹි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය වන විටම (21 වැනිදා) ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම ලකුණු 169 කටසීමා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්විය. දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින කොදෙව් කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 13 ක් ලබා සිටියි. පිතිකරුවන් තිදෙනකු පමණක් ද්විත්ව ඉලක්කම් …

Continue Reading

මානව හිමිකම් කවුන්සිලය ගැන ‘ශ්‍රී ලංකාවේ ඇති මිථ්‍යා 08ක්’

2021 පෙබරවාරි මාසයෙන් පටන් ගත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වත්මන් සැසිවාරය ආරම්භයේ සිට මෙන්ම ඊට පෙරාතුව ද, එම සැසිවාරයේ ප්‍රතිඵලය ශ්‍රී ලංකාව කෙරෙහි කෙසේ බලපානු ඇත්ද යන්න පිළිබඳව මහජනයා අතර විශාල බියක් හා වැරදි අවබෝධයක් පැවතුණි. මෙය, අන්තර්ජාතික පරීක්‍ෂණ හා යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් වගවීමෙහි ප්‍රතිවිපාක පිළිබඳව රාජ්‍ය පාක්‍ෂික ක්‍රියාකාරීන් විසින් හිතාමතාම වසර ගණනක් මුළුල්ලේ ව්‍යාප්ත …

Continue Reading

MCC ගැන රජයේ ස්ථාවරය ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

ශ්‍රි ලංකා රජය සහ ඇමරිකානු මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් සමාගම අතර ගිවිසුම අත්සන් නොකිරීමට රජය තීන්දුකර ඇතැයි නීතිපතිවරයා අද (22) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.  MCC ගිවිසුමට එළඹීම වළක්වාලීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු පාර්ශ්ව කිහිපයක් ගොනුකර තිබූ පෙත්සම අද (22) ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණි අමරසේකර ඒ. එච්. එම්. ඩී. නවාස් යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ල …

Continue Reading

උද්ධමනය ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100)  වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 ජනවාරි මාසයේ පැවති සියයට 3.7හි සිට 2021 පෙබරවාරි මාසයේ දී සියයට 4.2 දක්වා ඉහළ ගියේය. ආහාර කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්හි සිදු වූ ඉහළ යෑම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 ජනවාරි මාසයේ දී පැවති සියයට 5.9හි සිට …

Continue Reading

චීන මහජන බැංකුව සමඟ ‘ශ්‍රී ලංකා මහ බැංකුව’ ද්විපාර්ශවික මුදල් හුවමාරු ගිවිසුමකට එළඹේ

දෙරටේ ආර්ථික සංවර් ධනය සඳහා ද්විපාර් ශවික වෙළඳාම සහ සෘජු ආයෝජන ප්‍රවර් ධනය කිරීමටත්, දෙපාර් ශවයේම එකඟතාව මත වෙනත් අරමුණු සඳහා භාවිතා කිරිමට හැකි වන පරිදිත්,  ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) සහ චීන මහජන බැංකුව (PBoC) ද්විපාර් ශවික මුදල් හුවමාරු ගිවිසුමකට එලඹෙන ලදී. මහජන චීන ජනරජය ශ්‍රී ලංකාවේ විශාලතම ආනයන ප්‍රභවය වේ. 2020 දී, චීනයෙන් කරනු ලැබූ ආනයන වටිනාකම ඇමරිකානු …

Continue Reading

නිදොස් කොට නිදහස් කිරීම යනු කුමක් ද ? : ඒ ගැන ඔබ දැනගත යුතු වැදගත්ම කරුණු

නිදොස් කොට නිදහස් කිරීම යනු කුමක් ද? පුද්ගලයන් තිදෙනෙකුට මම එකම ගැටලුව ඉදිරිපත් කළෙමි. “චෝදනාවලින් නිදහස් කරනවා වගේ දෙයක් නේද? නිතර නිව්ස්වලින් ඇහෙනවා. නමුත් හරියට මොකක් ද වෙන්නේ, නීතිමය තත්ත්වය මට පැහැදිලි නැහැ,” ලිපිකාරිනියක ලෙස සේවයේ නිරත උදයංගී පෙරේරා පැවසීය. සුළු ව්‍යාපාරයක නිරත පද්මා බණ්ඩාර පැවසුවේ, “නිව්ස්වල ඇහෙනවා, ඊට පස්සේ අපරාධකාරයෝ එළියට එනවා තමයි දකින්නේ. අපරාධ කරන අයට බේරෙන්න තියෙන …

Continue Reading

රුපියල බාල්දු වීම නිසා ‘පාරිභෝගිකයින් කබලෙන් ලිපට වැටෙනවා’ – හර්ෂ ද සිල්වා

ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් දෙසීය ඉක්මවා යාම හේතුවෙන් ආනයන වියදම් ඉහළ යාම හේතුවෙන් සාමාන්‍ය ජනතාවට බඩු මිල ඉහළ යෑම ආදි ප්‍රශ්නවලට මුහුණපෑමට සිදු වනු ඇතැයි ආර්ථික විශේෂඥයෝ කියති. අප සමග අදහස් දක්වමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කියා සිටියේ රුපියල අවප්‍රමාණය වීම අපනයනකරුවන්ට යම් වාසියක් වුවත් ආනයන වියදම් ඉහළ යාම නිසා පාරිභෝගිකයින්ටත් ශ්‍රී ලංකාවේ ආයෝජනය කර ඇති ආයෝජකයින්ටත් අහිතකර …

Continue Reading