උද්ධමනය ඉහළට

Spread the love

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100)  වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 ජනවාරි මාසයේ පැවති සියයට 3.7හි සිට 2021 පෙබරවාරි මාසයේ දී සියයට 4.2 දක්වා ඉහළ ගියේය.

ආහාර කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්හි සිදු වූ ඉහළ යෑම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 ජනවාරි මාසයේ දී පැවති සියයට 5.9හි සිට 2021 පෙබරවාරි මාසයේ දී සියයට 6.9 දක්වා ඉහළ ගියේය.

තවද, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 ජනවාරි මාසයේ පැවති සියයට 1.8හි සිට 2021 පෙබරවාරි මාසයේ දී සියයට 1.9 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේය.

Related Posts