ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ශ‍්‍රී ලංකාවට 22/l4ක් ලෙස අන්ත පරාජයක්

Spread the love

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුසිලයේ බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් කිහිපයක් වීසින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් ගෙන ආ යෝජනාව වැඩි ඡන්ද 11 කින් සම්මත විය. එම යෝජනාවට පක්ෂව ඡන්ද 22ක්ද විපක්ෂව ඡන්ද 11ක්ද ලැබිණි. රටවල් 14ක් ඡන්ද දීමෙන් වැළකී සිටියහ.

සාමාජික රටවල් චන්දය පාවිච්චි කළ ආකාරය
සාමාජික රටවල් ඡන්දය භාවිත කළ ආකාරය

2021 වසර මුලදී ශ්‍රී ලංකාව පිළිබඳ දැඩි වාර්තාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහකොමසාරිස්වරිය විසින් සකස් කළාය. එම වාර්තාව කියා සිටියේ මෙයට වසර 12 කට පමණ පෙර නිමාවූ ශ්‍රී ලංකාවේ සිවිල් යුද සමයේ සිදුවූ බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට ශ්‍රී ලංකා රජය තවමත් අපොහොසත් වී ඇති බවය.

වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ “පසුගිය කාලයේ වූ අපරාධවලට විරුද්ධව නීති ක්‍රියාත්මක නොවීම වර්තමානයේ මානව හිමිකම් කඩවීම් පිළිබඳ අවධානය වැඩි කරන අතර ඒවා නැවත නැවත සිදු වීමට අනුබලයක් ලැබේ” යැයි පෙන්වා දී ඇත.

වාර්තාව තවදුරටත් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ “පසුගිය කාලයේ වූ අපරාධවලට විරුද්ධව නීති ක්‍රියාත්මක නොවීම මානව හිමිකම් කඩවීම් නැවත නැවතත් සිදුවීමේ අවදානම සැලකිය යුතු ලෙස ඉහළ නංවයි” යනුවෙනි.

එය තවදුරටත් පවසන්නේ, “දඩුවම් නොලැබ ගැලවී යාම මෙන්ම රජයේ කටයුතු හමුදාකරණයවීම, වාර්ගික-ජාතිකවාදී ප්‍රකාශ හා සිවිල් සමාජය බිය වැද්දවීම වැනි කනස්සලු සහගත ප්‍රවණතා පසුගිය වසර පුරා” තිබූ බවය.

ශ්‍රී ලංකා රජයට චෝදනා එල්ල කරන එම වාර්තාව පවසන්නේ “හිතාමතා විමර්ශන හා නඩු කටයුතු වලට බාධා පමුණුවන බවත්, පසුගිය කාලය තුළ ලබාගත් සීමිත වර්ධනය පසුබෑමට ලක්වන අයුරින්” ක්‍රියා කරන බවය.

කෙසේවෙතත්, මහ කොමසාරිස් බැචලේ ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වූ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, මහ කොමසාරිස්වරිය “මහපොළොවේ තත්ත්වය නොදැන පදනම් විරහිත චෝදනා” එල්ල කරන බවත්, “විදේශීය නඩුකාරවරු ගෙනැවිත් පරීක්ෂණ පැවැත්වීමට” කිසි ලෙසකින් ඉඩ නොතබන බව කියා සිටියේය.

ඔහු මේ බව සඳහන් කළේ බීබීසී සිංහල සේවය සමඟ Zoom තාක්ෂණය ඔස්සේ පසුගියදා පැවැත්වූ සාකච්ඡාවකට එක්වෙමිනි.

“ලෝකයේ වෙනත් රටවල් ගණනාවක් ඇතුළට තවත් රටවල් කීපයක් ආක්‍රමණය කරද්දී ඒ පිළිබඳව වචනයක් කතා නොකරපු මානව හිමිකම් කවුන්සිලයේ ඉතිහාසය අපි දන්නවා.” යනුවෙන් ද විදේශ අමාත්‍යවරයා එහිදී පැවසීය.

බී.බී.සී ඇසුරිණි

Related Posts