ජාතික කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් නෑ – කෘෂිකර්මාන්තය අවුලෙන් අවුලට – කෝප් කමිටුව හෙළිකරයි

ජාතික විගණන කාර්යාලය 2015 දී සිදු කළ විගණනයකට අනුව වාර්ෂිකව එළවළු හා පලතුරු මෙට්‍රික් ටොන් 270,000 පමණ අපතේ යන බවත් එයින් මෙරට ආර්ථිකයට සිදුව ඇති අලාභය රුපියල් බිලියන 20ක් පමණ වන බවත් පසුගියදා පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ සභාපතිත්වයෙන් පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී  අනාවරණය  විය. එම වාර්තාවේ නිරීක්ෂණ අනුව, ශ්‍රී ලංකාවේ එළවළු හා පලතුරුවල පසු අස්වනු …

Continue Reading

බ්‍රිතාන්‍ය මහ රැජිණගේ වල්ලභවයා එඩින්බරා හි ආදිපාදවරයා අභාවප්‍රාප්ත වෙයි

එලිසබත් රැජිනගේ සැමියා වන ෆිලිප් කුමරු අභාවප්‍රාප්ත වූ බව බකිංහැම් මාලිගය අද (09) නිවේදනය කළේය. මිය යන විට ඔහු 99 වෙනි වියේ පසු විය. ෆිලිප් කුමරු එලිසබත් කුමරිය හා විවාහ දිවියට පිවිසුණේ 1947 වසරේදීය. ඒ ඇය බ්‍රිතාන්‍ය රැජින වීමට පස් වසරකට පෙරදීය. බ්‍රිතාන්‍ය ඉතිහාසයේ රාජකීය වල්ලභයා ලෙස දීර්ඝතම කාලයක් කටයුතු කළ පුද්ගලයා ෆිලිප් කුමරුය. “සිය ආදරණීය ස්වාමිපුරුෂයා වන එඩින්බරා හි …

Continue Reading

කොවිඩ්-19 එන්නත්කරණයේ ජාත්‍යන්තර අවුල ලිහා ගන්න පුළුවන් වේවිද ?

“එන්නත් මගින් වසංගතයට එරෙහිව විශාල අපේක්ෂාවක් ලබා දෙනවා” ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්රෝස් ඇඩ්හානම් ගෙබ්‍රියේසස් පවසයි. එම ප්‍රකාශයට ඔහු තවත් දෙයක් එක් කරයි. “නමුත් ලෝකයම ආරක්ෂා කර ගැනීමට නම් – එන්නත් මිලදී ගැනීමට වත්කම සහිත රටවල ජනතාව පමණක් නොව – සෑම තැනකම අවදානමට ලක්වී සිටින සියලු දෙනා එන්නත් කිරීමට අප වගබලා ගත යුතුයි.” මෙම වසංගත තත්ත්වයෙන් මිදී සාමාන්‍ය තත්ත්වයට නැවත …

Continue Reading

අන්තවාදී ඉස්ලාම් සංවිධාන 11ක් තහනම් කිරීමට නීතිපති නියෝග

ශ්‍රී ලංකාව තුළ අන්තවාදී ක්‍රියකාරකම්වලට සම්බන්ධ බව කියන ඉස්ලාම් සංවිධාන 11 තහනම් කිරීමට නිතිපතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා. මේ අනුව එක්සත් තව්හිද් ජමාද්, සිලෝන් තව්හිද් ජමාදි, ශ්‍රී ලංකා තව්හිද් ජමාද්, සමස්ත ලංකා තව්හිද් ජමාත්, ජමියතුල් අන්සාරි සුනිනකුලි මෙහොමදිය, දාරුල් අදර් ජමිලිඋල් අදර්, ශ්‍රී ලංකා ඉල්ලාමීය ශිෂ්‍ය සංගමය, ජමිය, අයි.එස්.අයි.එස් සංවිධානය, අලිඩි කයිඩා සංවිධානය, සෙවි ද පර්ල් සංවිධානය, සුපර් මුස්ලිම් සංවිධානය මෙසේ …

Continue Reading

ඇල්ලේ ගුණවංශ හිමියෝ වියත්මගේ පතුරු ගළවයි

”දැන් අපිට නීතිය ස්ථාපිතයි කියලා දැනෙන්නේ නෑ. අයුක්තිය අසාධාරණය නිතර පෙනෙනවා. දේශපාලඥයෝ ගැන දැන් අපිත් හොඳට දන්නවා. හැම කෙනෙක් ගැනම ප්‍රශ්නාර්ථයක් තියෙන්නේ‘‘ යැයි ඇල්ලේ ගුණවංශ හිමියෝ කියති. උන් වහන්සේ මේ බව ප්‍රකාශ කළේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදීය. මෙහිදී වැඩි දුරටත් කරුණු සදහන් කරමින් ගුණවංශ හිමියෝ මෙසේද ප්‍රකාශ කළහ. ‘‘වියත් සභාවෙන් හෝ මොනම සභාවකින් පත් කළත් රාජ්‍ය ආයතන පවත්වා ගෙන යාමට …

Continue Reading

රන්ජන් වෙනුවට ගම්පහින් අජිත් මාන්නප්පෙරුම එයි

සමගි ජන පෙරමුණේ ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය පුරප්පාඩු වී ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දි අද (7) පැවැසීය. නීති උපදෙස් ලබා ගැනීමෙන් පසු මහ ලේකම්වරයා මේ දැනුම් දීම කර ඇති බව ද කතානායකවරයා ප‍්‍රකාශ කළේය. කතානායකවරයා විසින් රන්ජන් රාමනායක මහතාගේ මන්ත‍්‍රීධුරය අහෝසි කරන …

Continue Reading

‘පාම් ඔයිල්’ තහනමට සංශෝධන එයි ?

ශ‍්‍රී ලංකාවට පාම් තෙල් ආනයනය කිරීම සම්පූර්ණයෙන් තහනම් කරමින් ජනාධිපතිවරයා විසින් පසුගිය 05 වැනිදා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණ ද කර්මාන්ත හා බේකරිවල අවශ්‍යතා සඳහා පාම් ඔයිල් ගෙන්වීමට බලපත්‍ර දෙන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (07* පාර්ලිමේන්තුවේ දී පැවැසීය. මේ පිළිබඳව වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ වෙළෙඳ ඇමැතිවරයා ‘‘මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට අභියාචනයක් ඉදිරිපත් කර අවශ්‍යතාවයට අනුව අවශ්‍ය …

Continue Reading

විවාහක රූ රැජින කිරුළ 2020: අලුත්ම කතාව

විවාහක ශ්‍රී ලංකා රූ රැජිණ තරගයේදී තමන්ට සිදුවූ අපකීර්තිය සම්බන්ධයෙන් ඉදිරියේදී සිය නීතිඥවරුන් අවශ්‍ය නීතිමය ක්‍රියා මාර්ග ගනු ලබනු ඇති බව විවාහක රූ රැජිණ තරගයේදී සිය කිරුළ අහිමි වූ පුෂ්පිකා ද සිල්වා මහත්මිය අද (06) පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළාය. කාන්තාව වෙනුවෙන් පෙනී සිටිමින් ඉදිරියට ශක්තිමත් ලෙස කටයුතු කරන බවත් ඉදිරියේ දී දේශපාලන කටයුතු වලට ද දායකත්වය දක්වන බව ද …

Continue Reading

‘බස්නාහිර උපකාරක පංති’ ආරම්භ කිරීමට අවසර දෙනවා – සෞඛ්‍ය ඇමති පවිත්‍රා

බස්නාහිර ප‍ළතේ උපකාරක පන්ති ලබන 12 වැනිදායින් පසුව විවෘත කිරීමට අවසර ලබා දෙන බව සෞ‍ඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (06) පාර්ලිමේන්තුවෙදී පැවසුවාය. සෞඛ්‍ය ඇමැතිවරිය මෙ බව හෙළි කළේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ගු‍ණපාල රත්නසේකර මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. උපකාරක පන්තියක උපරිම ‍ශිෂ්‍ය සංඛ්‍යාව සියයකට සීමා කළ යුතු බවත් මෙය මහා පරිමාණයෙන් පවත්වාගෙන යන පන්තිවලද අදාළ බවත් කී සෞඛ්‍ය ඇමතිවරිය …

Continue Reading

රේගුවෙන් එළියට එන භාණ්ඩ 7200 / 5800කට කිසිම රේගු විමර්ශනයක් නෑ

රේගුවෙන් වෙළෙඳ පොළට නිකුත් කරන භාණ්ඩ 7200 ක් අතුරින් 5800ක් කුමන ආකාරයකින්වත් විමර්ශනයකට ලක් වන්නේ නැති බවත් මේවා අතර පාරිභෝජන භාණ්ඩ මෙන්ම පාරිභෝජන නොවන භාණ්ඩ ද තිබෙන බව සමුපකාර සේවා අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පාර්ලිමේන්තුවේ දී අද (6) පැවසීය. මේ පිළිබද වැඩි දුරටත් කරුණු හෙළිකළ ඇමති ලසන්ත අලගියවන්න මහතා, ‘මේ භාණ්ඩ කන්ටේනරයෙන් ලංකාවට ගෙනවිත් …

Continue Reading