බ්‍රිතාන්‍ය මහ රැජිණගේ වල්ලභවයා එඩින්බරා හි ආදිපාදවරයා අභාවප්‍රාප්ත වෙයි

Spread the love

එලිසබත් රැජිනගේ සැමියා වන ෆිලිප් කුමරු අභාවප්‍රාප්ත වූ බව බකිංහැම් මාලිගය අද (09) නිවේදනය කළේය. මිය යන විට ඔහු 99 වෙනි වියේ පසු විය.

ෆිලිප් කුමරු එලිසබත් කුමරිය හා විවාහ දිවියට පිවිසුණේ 1947 වසරේදීය. ඒ ඇය බ්‍රිතාන්‍ය රැජින වීමට පස් වසරකට පෙරදීය. බ්‍රිතාන්‍ය ඉතිහාසයේ රාජකීය වල්ලභයා ලෙස දීර්ඝතම කාලයක් කටයුතු කළ පුද්ගලයා ෆිලිප් කුමරුය.

“සිය ආදරණීය ස්වාමිපුරුෂයා වන එඩින්බරා හි ආදිපාදවරයා වන ෆිලිප් කුමරුගේ මරණය ගැන මහ රැජින නිවේදනය කරන ලද්දේ දැඩි ශෝකයෙනි,” යනුවෙන් බකිංහැම් මාලිගය පැවසීය.

“රාජකීය උතුමන් අද උදෑසන වින්ඩ්සර් කාසල්හිදී සාමකාමීව අභාවප්‍රාප්ත විය.”

මාර්තු මාසයේදී එඩින්බරා හි ආදිපාදවරයා රෝහලින් පිටව ගියේ මසක කාලයක් ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුවය.

ඔහු කලින් පැවති හෘද රෝගී තත්ත්වයක් සඳහා මීට පෙර ලන්ඩනයේ වෙනත් රෝහලක් වූ ශාන්ත බර්තොලමෙව් හි ප්‍රතිකාර ලබාගැනිණි.ෆිලිප් කුමරුට සහ රැජිනට දරුවන් හතර දෙනෙකි. මුනුබුරු මිනිබිරියන් අට දෙනෙක් සහ මී මුනුබුරු මිනිබිරියන් 10 දෙනෙක් වෙති.ඔවුන්ගේ පළමු පුත් වේල්ස් හි කුමරා වන චාල්ස් කුමරු 1948 වසරේදී උපත ලැබූ අතර ඉන් පසු ඔහුගේ සහෝදරිය, රාජකීය කුමරිය, ඈන් කුමරිය, 1950 වසරේ දී ත් යෝර්ක් ආදිපාදවරයා වන, ඇන්ඩෘ කුමරු 1960 වසරේදී සහ වෙසෙක්ස්හි අර්ල්වරයා වන එඩ්වඩ් කුමරු 1964 වරේදීත් උපත ලැබීය.ෆිලිප් කුමරු 1921 ජුනි 10 වන දින ග්‍රීක දූපතක් වන කෝර්ෆු හි උපත ලැබීය.ඔහුගේ පියා ග්‍රීසියේ සහ ඩෙන්මාර්කයේ ඇන්ඩෘ කුමරු, හෙලීනස් හි පළමුවන ජෝර්ජ් රජුගේ බාල පුත්‍රයා ය.ඔහුගේ මව ඇලිස් කුමරිය ලුවීස් මවුන්ට්බැටන් සාමිවරයාගේ දියණියක වූ අතර වික්ටෝරියා රැජිනගේ මී මිණිබිරියකි.

Related Posts