හෙට රාත්‍රී 11 සිට 17 වැනිදා අළුයම 4.00 දක්වා මුළු රටටම සංචරණ සීමා

Covid-19 වෛරසය පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස හෙට (13) රාත්‍රී 11 සිට සිට මැයි 17 වැනිදා අලුයම 4 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා කරන බව කොවිඩ් පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. මේ කාලසීමාවේදී අත්‍යවශ්‍ය සේවා සහ එළවලු, පලතුරු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය සඳහාත්, බස්නාහිර පළාත තුළ එන්නත්කරණ වැඩසටහන සඳහාත් …

Continue Reading

Covid වලින් දුර්වල වූ ‘ඔබේ ශක්තිය නැවත ලබා ගැනීමට’යෝග ව්‍යායාම 5ක්

බොහෝ දෙනෙක් COVID-19 වලින් සුවය ලබන අතර, සුවය ලැබීමෙන් පසුව පවා බොහෝ දෙනා අත්විඳින එක් කරුණක් වන්නේ ආසාදනය ගෙන එන දුර්වලතාවයයි. පුද්ගලයන් ඔවුන්ගේ බරපතලකම අනුව ව්‍යායාම කිරීමට සති කිහිපයකට පෙර දින කිහිපයක් බලා සිටීම රෙකමදාරු කරනු ලැබේ. රෝග ලක්ෂණ සහ එසේ කිරීමට පෙර වෛද්‍යවරයෙකුගෙන් විමසන්න.  COVID වලින් සුවය ලැබීමෙන් පසු ශක්තිය හා සුවය නැවත ලබා ගැනීම සදහා කෙනෙකුට කළ හැකි යෝග …

Continue Reading

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පක්ෂ නායකයෝ අගමැතිගේ ප්‍රධානත්වයෙන් රැස්වෙති

කොවිඩ් වසංගතය පාලනය කිරීම සම්බන්ධයෙන් ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමු කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පක්ෂ නායකයෝ  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) දින පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී රැස්වූහ. රජය මේ වනවිට කොවිඩ් වසංගතය පැතිරයාම පාලනය කිරීම වෙනුවෙන් ගෙන ඇති පියවරයන් මෙහි දී පක්ෂ නායකයන්ගේ අවධානයට ලක් වූ අතර අනාගත තත්ත්වයන්ට මුහුණ …

Continue Reading

කොවිඩ්-19 ආසාදිත මරණ 23ක්; නව ආසාදිතයින් 2530 ක්

2021 මැයි මස 05 වැනි දින සිට මැයි මස 11 වැනි දින දක්වා සිදුව ඇති කොවිඩ්-19 ආසාදිත රෝගීන්ගේ මරණ 23ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (11) දින තහවුරු කළ බවත් ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොවිඩ් ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 85ක් බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද දින (11) නිකුත් කළ නිවේදනයක සදහන් වෙනවා. මේ අතර අද …

Continue Reading

කොවිඩ් -19 ආසාදිත ගැබිනි මවුවරු 200ක්

‘කොවිඞ් 19’ ආසාදිත ගැබිනි මවුවරු 200 දෙනකු පමණ රෝහල්වල මේ වන විට ප‍්‍රතිකාර ලබන බව ප‍්‍රසව හා නාරිවේද විශේෂඥ වෛදවරුන්ගේ විද්‍යායතනය අද (11) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. මෙහිදී එම සංගමය කියා සිටින්නේ ගැබිනි මවුවරුන්ට ‘කොවිඞ් 19’ මර්දන එන්නත ලබාදීම සුදුසු යැයි ප‍්‍රසව හා නාරිවේද විශේෂඥ වෛදවරු පෙන්වාදී ඇති බවයි.

Continue Reading

සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අංශවලට නියෝග

පවතින තත්වය සැලකිල්ලට ගෙන පළාත් අතර සංචරණ සීමා ඉතා දැඩිව ක්‍රියාත්මක කිරීමට පොලිසිය ඇතුළු ආරක්ෂක අංශවලට තමා විසින් උපදෙස් මාලාවක් දුන් බව කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී , යුද හමුදාපති ජනරාල් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. නව තීරණය සම්බන්ධයෙන තව දුරටත කරුණු පැහැදිලි කළ යුද්ධ හමුදාපතිවරයා, ‘‘මේ අවස්ථාවේදී සංචරණ සීමා කඩ කිරීමට කිසිවකුටත් ඉඩ දෙන්නෙත් නෑ. …

Continue Reading

‘ඉන්දීය ප්‍රභේදය’ තවමත් ලොවට අභිරහසක් !

ඉන්දියාව තුළ හඳුනාගෙන ඇති කොරෝනාවෛරස ප්‍රභේදයක් සම්බන්ධයෙන් ලොව වටා විද්‍යාඥයින් විමර්ශනයක යෙදී ඇති නමුත් එය කෙතරම්දුරට ව්‍යාප්ත වී තිබේද යන්න හෝ ඉන්දියාව තුළ මාරාන්තික දෙවෙනි රැල්ලට එය හේතුවී තිබේද යන්න මෙතෙක් නොදනී. මොකක්ද මේ ඉන්දීය ප්‍රභේදය? සැමවිට ම විකෘතියට පත්වන වෛරස, ඒවායෙහි විවිධ අනුවාද හෝ ප්‍රභේද නිර්මාණය කරයි. මෙයින් බොහෝ විකෘති එතරම් සැලකිය යුතු තරම් නොවන අතර ඇතැම් විකෘති ඒවා …

Continue Reading

‘එන්නත්කරණයට ඩිජිටල් හැඳුනුම්පත්’ ලබා දුන්නොත් පෞද්ගලිකත්වයට කුමක් වෙයිද ? ITSSL ප්‍රශ්න කරයි

එන්නත්කරණයට ඩිජිටල් හැඳුනුම්පත් ලබාදීමට ප්‍රථම පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට රජයේ අවධානය යොමු කිරීම අතිෂයින් වැදගත් යැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය – ITSSL අද (11) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි. එහි සභාපති යසිරු කුරුවිට මහතා විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය, සෞඛ්‍ය අමාත්‍යංශය සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය එන්නත්කරණය වඩාත් කාර්යක්ෂම කිරීමට ඉදිරි දින කිහිපය තුළ ඩිජිටල් හැඳුනුම්පතක් …

Continue Reading

“මිත්‍යාව සහ විද්‍යාව” ගැන ප්‍රසිද්ධ විවාදයකට මහාචාර්ය නලීන් ද සිල්වාට විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ඇරයුම්..!

මේ වන විට ලංකාවට පැමිණ සිටින මහාචාර්ය නලීන් ද සිල්වා මහතා සමඟ මෙරට කීර්තිමත් විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් විසින් පුවත්පත් මඟින් කාලයක් තිස්සේ සංවාදයට බඳුන් කළ “මිත්‍යාව සහ විද්‍යාව” සම්බන්ධයෙන් වන කතිකාවට අදාළව ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස එම විශේෂඥ වෛද්‍යවරු මහාචාර්ය නලීන් ද සිල්වා මහතාට ආරාධනා කර සිටිති. පහත දැක්වෙන්නේ මහාචාර්ය නලීන් ද සිල්වා මහතා ලංකාවට සම්ප්‍රාත්ත වූ බව දැන ගත් …

Continue Reading

හදිසියේ කොවිඩ් තාක්ෂණික කමිටුව රැස්කරයි – අවදානම් තුන්වන අදියරට මුහුණ දීමට තීන්දු රැසක්

ශ්‍රී ලංකාවේ කොවිඩ් අවදානම් තුන්වන මට්ටමට මුහුණ දීම සදහා දැනට භාවිතා වන ක්‍රමවේද විමසා බැලීමට සහ අලුතින් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව සාකච්ඡා කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් තාක්ෂණික කමිටුව හදිසියේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේදී රැස්විය. කොවිඩ් 19 තුන්වන අවදානම් මට්ටම තුළ පැතිරීමේ වේගය, PCR …

Continue Reading