හෘද සාක්ෂියක් තිබෙනවා නම් ‘පක්ෂ පාට නොබලා’ පෝට්සිටි පනතට විරුද්ධව ඡන්දය දෙන්න

”මේ ආණ්ඩුව රිවස් ආණ්ඩුවක් තමයි. ජනාධිපතිවරයාගේ බොහෝ ගැසට් රිවස් කරනවා. හැබැයි ගැසට් රිවස් කළාට මේ පෝට් සිටි පනත රිවස් කරන්න බැහැ. සම්මත කළොත් සම්මත කළාම තමයි. සම්මත කරන්න කලින් ජනතාවට අවබෝධ කර ගන්න ඉඩ හදන එක ඉතාම වැදගත්. ආණ්ඩුව ඒ කිසිවකට ඉඩ නොතබා ජනතාව වේදනාවට පත්වෙලා ඉන්න වෙලාවේ තක්කඩි විදිහට සම්මත කරගන්න යනවා. පාර්ලිමේන්තුවේ ඉන්න හෘදයසාක්‍ෂියක් තියෙන මන්ත්‍රීවරුන්ගෙන් අපි ඉල්ලනවා, …

Continue Reading

‘ඔක්සිජන් සහ වෙන්ටිලේටර්ස් සපයා ගන්න උපකාර කරන්න’ – දානපතීන්ට ආයාචනයක්

කොවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සදහා රෝහල් පද්ධතියට අවශ්‍ය ඔක්සිජන් සපයා ගැනීමට සහ දැඩි සත්කාර ඒකක ධාරිතාවය පුළුල් කර ගැනීමට සුළු හෝ ආධාරයක් කරන ලෙස කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මෙරට දානපතියන්ගෙන් ඉල්ලීමක් කරයි. කොරෝනා-19 රෝගීන් හඳුනාගැනීම සහ රෝහල්වෙත යොමු කිරීම සම්බන්ධයෙන් පිහිටුවා ඇති 117 දුරකථන අංක මෙහෙයුම් මධ්‍යස්ථානයෙහි නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව ඊයේ (15) මාධ්‍ය වෙත අදහස් …

Continue Reading

2021/22 ක්‍රිකට් කොන්ත්‍රාත් ගිවිසුම: කොන්ත්‍රාත් මුදලින් 35-50%ක් කපලා

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2021/2022 වර්ෂය සඳහා ඉදිරිපත් කර ඇති කොන්ත්‍රාත් ගිවිසුමෙන් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් වන ඇන්ජලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න, දිනේෂ් චන්දිමාල් සහ සුරංග ලක්මාල් යන ක්‍රීඩකයන්ගේ කොන්ත්‍රාත් මුදල 50% කින් පමණ කපාහැර ඇති අතර මීට පෙර පැවති කොන්ත්‍රාත්තු සමග සැසදීමේදී සමස්තයක් ලෙස ක්‍රීඩකයකුගේ ගෙවීමෙන් 35%කට ආසන්න මුදල් ද කපා හැර ඇති බව වාර්තා වෙනවා. මේ හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩකයින් සහ ශ්‍රී …

Continue Reading

වට්සැප් සම්බන්ධයෙන් ජනතාව අනිසි ලෙස බිය වීමට අවශ්‍ය නැහැ – ITSSL

වට්සැප් සම්බන්ධයෙන් ජනතාව අනිසි ලෙස බිය වීමට අවශ්‍ය නැතැයි නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය කියයි. එහි සභාපති රජීව් යසිරු කුරුවිටගේ මැතිව්  මහතා විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ මෙසේද සදහන් වේ. ඉලක්කම් 6ක කේතයක් එවා ඇති බව සඳහන් කරමින් පරිශීලකයන්ට ලැබෙන වට්සැප් පණිවිඩයක් සම්බන්ධයෙන් අද (15) විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් අනතුරු ඇඟවීමක් සිදුකර ඇත. මෙම නිවේදනය සම්බන්ධයෙන් අප …

Continue Reading

‘පුද්ගලික අංශය’ දමා හෝ ඇස්ට්‍රාසෙනිකා මිලට ගන්න යයි

ඉන්දියාවෙන් පරිත්‍යාගයක් ලෙස ලැබී පළමු මාත්‍රාව ලබා දුන් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදීම සදහා අවශ්‍ය එන්නත් ලක්ෂ 06 ලබා ගැනීමට සෑම උත්සාහයක්ම දරන බව එන්නත් ගෙන්වීම පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී ලලිත් වීරතුංග මහතා අවධාරණය කරයි. අස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ හය ලබා ගැනීම සඳහා ඩෙන්මාර්කය, නොර්වේ හා ස්වීඩනය යන රටවල නායකයන් සමඟ ඒ රටවල ශ්‍රී ලංකා තානාපතිවරුන් සාකච්ඡා කරගෙන …

Continue Reading

රෝග ලක්ෂණ කිසිවක් නැති කොවිඩ් ආසාදිතයින්ට සිය නිවස තුළම ප්‍රතිකා

PCR පරීක්ෂණ මගින් කොවිඩ්-19 ආසාදිත බවට හඳුනා ගන්නා නමුත් කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන ආසාදිතයින් ඔවුන්ගේ නිවාස තුළම රඳවා ප්‍රතිකාර කිරීමට තීරණය කළ බව වසංගත හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය ඇමතිනී, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අද (15) මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළාය. රාජ්‍ය අමාත්‍යවරිය පැවසුවේ එම ක්‍රමවේදය සඳුදා (17) සිට ක්‍රියාත්මක කරන බවයි. මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ රාජ්‍ය …

Continue Reading

පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් ගැන නීතිපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

තමාගේ ධූර කාලය නිමවීමට පෙර, පාස්කු ප්‍රහාරය සැලසුම් කළ සහ ඊට ආධාර අනුබල දුන් කිසිවෙකුට එරෙහිව චෝදනා ගොනු කිරීමට තමාට හැකියාවක් නොලැබෙන බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා මහජනතාවට දැනුම් දෙන බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී, රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය සඳහන් කරයි. නීතිපතිවරයාගේ මෙම විශේෂ ප්‍රකාශය ගැන මාධ්‍ය වෙත කරුණු දක්වමින් ජයරත්න මෙනෙවිය සදහන් කළේ පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ බවට …

Continue Reading

චීනය අභ්‍යවකාශ තාක්ෂණයේ යෝධ පිම්මක් පනී

චීනය සිය ෂුරොන්ග් රෝවරය (Zhurong rover) අඟහරු මතට සාර්ථකව ගොඩබස්වා ඇති බව චීන රාජ්‍ය මාධ්‍ය අද (15) නිල වශයෙන් නිවේදනය කළා. රෝද හයකින් යුත් ෂුරොන්ග් රෝවරය ගොඩබස්වන ලද්දේ පෘථිවියේ උතුරු අර්ධගෝලයේ විශාල භූමි ප්‍රදේශයක් ප්ලැනිටියා නම් ප්‍රදේශයට බවයි එම මාධ්‍ය වාර්තාවල සදහන් වුණේ. රෝවරය බැසයාමට ආරක්ෂිත කැප්සියුලයක්, පැරෂුටයක් සහ රොකට් වේදිකාවක් භාවිතා කර තිබෙනවා. මෙම ගොඩබැස්සවීමේ දුෂ්කර ස්වභාවය අනුව සාර්ථක …

Continue Reading

COVID කාලයේදීත් ‘හෘද සෞඛ්‍යය ගැන’ සැලකිලිමත් වෙමුද ?

මෙම COVID කාලවලදී, අපි මානසික සෞඛ්‍යය, පෙනහළු සඳහා හුස්ම ගැනීමේ ක්‍රම සහ ප්‍රතිශක්තිය ගොඩනැගීම ගැන සිතන අතරම, වඩා හොඳ හෘද සෞඛ්‍යය ගැන සිතීමට අපට ඇත්තටම කාලය තිබේද? හදවත යනු මිනිස් සිරුරේ පූර්ණත්වය වන අතර හොඳ හෘද සෞඛ්‍යයක් නොමැතිව යහපත් සෞඛ්‍යයක් ලබා ගැනීම දුෂ්කර ය! සංඛ්‍යාලේඛන වලට අනුව අපේ රටේ මරණවලට අංක එකේ හේතුව හෘද රෝගයි. නාගරීකරණයෙන් අපට ඉවත් විය නොහැකි බව හෝ …

Continue Reading

COVID-19 එන්නත ගැන ‘ඔබට ප්‍රශ්න පිට ප්‍රශ්න තිබේද ?’

ලංකාවේ කොවිඩ්-19 එන්නත්කරණ වැඩසටහන දැන් වේගයෙන් ඉදිරියට යනවා. මේ ගැන අපි රජයට ස්තුතිය පළ කරනවා. ඒත් පසුගිය කාලය පුරා ජනමාධ්‍ය, විශේෂයෙන් සමාජමාධ්‍ය කොවිඩ් එන්නත්කරණය ගැන ගෙන ගිය ඍණාත්මක ප්‍රචාරය නිසා තවමත් ජනතාව අතර එන්නත්කරණය ගැන ඍණාත්මක ආකල්ප රැසක් තිබෙනවා. එය මේ එන්නත්කරණ වැඩසටහන සාර්ථක කරගෙන කොවිඩ් වසංගතය පිටු දැකීමට ප්‍රබල බාධාවක්. ඊනියා දේශීය වෛද්‍ය ක්‍රමය, අපේකම ආදි පුහු අදහස් වලින් …

Continue Reading