‘ඔක්සිජන් සහ වෙන්ටිලේටර්ස් සපයා ගන්න උපකාර කරන්න’ – දානපතීන්ට ආයාචනයක්

Spread the love

කොවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සදහා රෝහල් පද්ධතියට අවශ්‍ය ඔක්සිජන් සපයා ගැනීමට සහ දැඩි සත්කාර ඒකක ධාරිතාවය පුළුල් කර ගැනීමට සුළු හෝ ආධාරයක් කරන ලෙස කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මෙරට දානපතියන්ගෙන් ඉල්ලීමක් කරයි.

කොරෝනා-19 රෝගීන් හඳුනාගැනීම සහ රෝහල්වෙත යොමු කිරීම සම්බන්ධයෙන් පිහිටුවා ඇති 117 දුරකථන අංක මෙහෙයුම් මධ්‍යස්ථානයෙහි නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව ඊයේ (15) මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරිය මේ ආයාචනය කළාය.

මෙහිදී වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ රාජ්‍ය අමාත්‍යවරිය, “අපි පුරෝකථනය කරලා තිබුණා නව වෛරසයත් එක්ක අපේ මරණ සංඛ්‍යාව හා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යයි කියලා. දැන් අපි මේ නව වෛරසයත් එක්ක ගත කරන හතර වන සතිය. මේ තත්ත්වය තුළ දැන් අපේ රෝහල් පද්ධතියට අවශ්‍ය වෙලා තියෙනවා ඔක්සිජන් සපයා ගන්න. ඒවගේම ICU ධාරිතාවය තව වැඩිකරද්දී වෙන්ටිලේටර්ස්වල අවශ්‍යතාවය තියෙනවා, උපකරණවල අවශ්‍යතාවය තියෙනවා. එනිසා අපි ශ්‍රී ලාංකික ජනතාවගෙන්, දානපතීන්ගෙන් ඉල්ලා සිටිනවා ඒ සදහා හැකි සෑම ආකාරයකින්ම අපට උපකාර කරන්න කියලා. විශේෂයෙන්ම තමන්ගේ ප්‍රදේශවල ඒ රෝහල් එක්ක එකතුවෙලා ඒ අවශ්‍ය කරන උපකරණ ගන්න පුංචි හෝ ආධාරයක් කරලා ඒ සේවාව ශක්තිමත් කරගන්න අපට සහයෝගයක් දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා”

Related Posts