‘පුද්ගලික අංශය’ දමා හෝ ඇස්ට්‍රාසෙනිකා මිලට ගන්න යයි

Spread the love

ඉන්දියාවෙන් පරිත්‍යාගයක් ලෙස ලැබී පළමු මාත්‍රාව ලබා දුන් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදීම සදහා අවශ්‍ය එන්නත් ලක්ෂ 06 ලබා ගැනීමට සෑම උත්සාහයක්ම දරන බව එන්නත් ගෙන්වීම පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී ලලිත් වීරතුංග මහතා අවධාරණය කරයි.

අස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ හය ලබා ගැනීම සඳහා ඩෙන්මාර්කය, නොර්වේ හා ස්වීඩනය යන රටවල නායකයන් සමඟ ඒ රටවල ශ්‍රී ලංකා තානාපතිවරුන් සාකච්ඡා කරගෙන යන බවයි වීරතුංග මහතා සදහන් කළේ.

මේ අතර අද මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කළේ පුද්ගලික අංශය මගින් හෝ අදාළ එන්නත් ලක්ෂ 06 ලබා ගැනීමට පියවර ගන්නා බවයි.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග කියන්නේ ඇස්ට්‍රාසෙනිකා එන්නත් ඉන්දුනීසියාවෙන් මිලදී ගැනීමට ගත් උත්සාහය අසාර්ථක වූ බවයි.

Related Posts