‘පාළු ගෙයි වලං බිඳීම නවතා ප්‍රසිද්ධ විවාදයකට එන්න’
ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් වගකීම භාරගෙන විෂය භාර ඇමතිවරයා ඉල්ලා අස්විය යුතු බවට නිකුත් කළ ප්‍රකාශය ඉල්ලා අස්කරගැනීමට හෝ ඒ සම්බන්ධයෙන් කණගාටුව පළකිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා කටයුතු නොකරන්නේ නම් පාළු ගෙයි වළං බිඳීම නවතා තමා සමඟ විවාදයකට පැමිණෙන ලෙස බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සාගර කාරියවසම් මහතාට අභියෝග කරයි. ගම්මන්පිල මහතා …
Continue Reading
අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ අලුත්ම ඉල්ලීමක් ගැන ඇමැති බන්දුල කියයි
අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාම ගෝලීය තත්ත්වයක් බවත් රජය හැටියට මැදිහත්ව ලුණු, සබන්, තේ සහ හාල්මැස්සන් කරවල ආදි භාණ්ඩවල මිල අඩු කිරීමට කටයුතු කර ඇති බවත් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (17) පෙරවරුවේ ඔරුගොඩවත්ත සතොස ගබඩා තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මලු සකස් කිරීමේ ක්‍රියාවලිය නිරීක්‍ෂණය කිරීමට පැමිණි අවස්ථාවේදීය. මෙහිදී වැඩි දුරටත් කරුණු දක්වමින් ඇමතිවරයා කියා …
Continue Reading
දරුවන්ට මේ පරිසරය විඳින්න ඉඩ දෙන්න – අගමැති ගුරුවරුන්ගෙන් ඉල්ලයි
පෙර පාසල තරගකාරී අධ්‍යාපනය ලබාදෙන තවත් එක් පාසලක් බවට පත් නොකර දරුවන්ට මේ පරිසරය විඳින්න ඉඩ දෙන්න යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (17) දින අරලියගහ මන්දිරයේ දී ඉල්ලා සිටියේය. පෙර පාසල් ගුරුවරුන් සඳහා රුපියල් 2500ක මාසික දීමනාවක් ලබාදීමේ “ගුරු අභිමානී” ජාතික උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් සහ කාන්තා හා ළමා සංවර්ධන, පෙර …
Continue Reading
කෝප් කමිටුවේ විශේෂ රැස්වීමක් 22 දා
පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුවේ) විශේෂ රැස්වීමක් ලබන 22 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා තීරණය කොට තිබේ. කමිටු සාමාජිකයන් සඳහා පැවැත්වෙන මෙම රැස්වීමේදී කෝප් කමිටුව විසින් 09 වන පාර්ලිමේන්තුව වෙත මෙතෙක් ඉදිරිපත් කොට ඇති වාර්තා 02 මගින් දක්වා ඇති ආයතන සහ එම ආයතන සඳහා දෙන ලද නිර්දේශයන් ක්‍රියාත්මක කිරීම සඳහා ගෙන …
Continue Reading
‘කොරියාවේ රැකියා සඳහා‘ සුදුසුකම් ලබා ඇති අයට සුභ ආරංචියක්
කොරියාවේ රැකියා සඳහා සුදුසුකම් ලබා ඇති ශ්‍රී ලංකා තරුණ තරුණියන් සඳහා එරටට යෑමට අවශ්‍ය පහසුකම් ඉක්මනින් සපයන බව ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති වොන්ජින් ජියෝන් මහතා (Woonjin Jeong) විදේශ අමාත්‍යවරයාට සහතික විය. කොරියාවේ රැකියා සඳහා සුදුසුකම් ලබා ඇති තරුණ පිරිස මුහුණ දී ඇති ප්‍රමාදය පිළිබඳ සාකච්ඡා කිරිම සඳහා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 2021 ජූනි 16 වන දින විදේශ අමාත්‍යංශයේ පැවැති …
Continue Reading
”ඩෙල්ටා වෛරස් ප්‍රභේදය” ආසාදනයවූ 05ක් දෙමටගොඩින් හමුවෙයි
ඉන්දියාවේ විනාශකාරී කොවිඩ් දෙවැනි රැල්ලට හේතු වූ ”ඩෙල්ටා කොවිඩ් වෛරස් ප්‍රභේදය” ආසාදනයවූ පුද්ගලයන් පස් දෙනෙකු දෙමටගොඩ ප්‍රදේශයෙන් සොයාගත් බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය. මේ අතර බ්‍රිතාන්‍ය ඇල්ෆා වයිරස ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයන් පිරිසක් කොළඹ 6, කොළඹ 8 ,කොළඹ 10, මඩකලපුව සහ ගාල්ල කරාපිටිය ප්‍රදේශවලින් හදුනාගත් බවයි ජීවන්ද මහතා කියා සිටියේ. කොරෝනා නව වයිරස ප්‍රභේද පිළිබඳ පරීක්ෂණ පවත්වන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ …
Continue Reading
කිරිපිටි මිල ඉහළ දැමීමට අවසර ඉල්ලයි
කිලෝග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 135කින් ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන් අවසර ඉල්ලා ඇතැයි වාර්තා වෙනවා. මේ බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගිවන්න මහතා විසින් ද තහවුරු කර තිබෙනවා. ‘‘කිරි පිටි ඇතුළු ආනයනික භාණ්ඩ රැසක මිල වැඩි කිරීමට ආනයනකරුවන් ඉල්ලීම් කර තිබෙනවා. රුපියල අවප්‍රමාණය වීම, ඉන්ධන මිල ඉහළ යාම ආදි කරුණු කිහිපයක් ඔවුන් විසින් මිල වැඩි කිරීමට හේතු වශයෙන් …
Continue Reading
‘Online මත්පැන් අලෙවියට‘ යුද හමුදාපතිගේ අවසර නෑ
සුපිරි වෙළෙඳසල් හරහා මත්පැන් මාර්ගගත ක්‍රමයට ලබාදීමේ වැඩපිළිවෙළට අවසර ලබා නොදෙන බව කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවා. මේ අතර කොවිඩ් පාලනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය ඊයේ (16) මාතර දී පැවසුවේ මේ වෙලාවේ මත්පැන් අත්‍යාවශ්‍ය නොවන දෙයක් බවත් ඔන්ලයින් හෝ මොන ක්‍රමයට මත්පැන් දුන්නත් තමා ඊට විරුද්ධ බවයි. විශේෂයෙන්ම …
Continue Reading
ශ්‍රී ලංකාවට එරෙහි T-20 සටනට ‘බෙන් ස්ටෝක්ස් සහ ජොෆ්රා ආචර්’ නෑ
ශ්‍රී ලංකාවට එරෙහිව ලබන 23 වැනිදා ආරම්භ වන තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය සඳහා නම් කරන ලද එංගලන්ත සංචිතයට ක්‍රිස් වෝක්ස්ව කැඳවීමට එරට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. වසර 6 කට ආසන්න කාලයකින් පසු වෝක්ස්ට සංචිතයට පැමිණීමට අවස්ථාව උදා වුවද එංගලන්ත කණ්ඩායම සතු දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා වන බෙන් ස්ටෝක්ස් සහ වේග පන්දු යවන ජොෆ්රා ආචර්ව ඇතුළත් නොකිරීමට ඔවුහු …
Continue Reading
දුරස්ථ අධ්‍යාපනය කිසිසේත් ‘සතුටුදායක විකල්පයක්’ නොවෙයි – අධ්‍යාපන ඇමති GL පීරිස්
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ගුරුගෙදර, ඊ තක්සලාව වැනි වැඩසටහන් රාශියක් දියත්කොට තිබෙන නමුත් දුරස්ථ අධ්‍යාපනය කිසිසේත් ම පන්ති කාමරය තුළ ගුරුවරයා සමඟ සිදු කෙරෙන අධ්‍යාපනය මෙන් සතුටුදායක විකල්පයක් නොවන බව අධ්‍යාපන ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි. පාසල් විවෘත කිරීමට අවශ්‍ය පසුබිම ක්‍රමානුකූලව සකස් කිරීම සඳහා සාකච්ඡාවක් අද (16 ) අධ්‍යාපන අමාත්‍ය ජි.එල් .පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත් වුණ …
Continue Reading