දුරස්ථ අධ්‍යාපනය කිසිසේත් ‘සතුටුදායක විකල්පයක්’ නොවෙයි – අධ්‍යාපන ඇමති GL පීරිස්

Spread the love

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ගුරුගෙදර, ඊ තක්සලාව වැනි වැඩසටහන් රාශියක් දියත්කොට තිබෙන නමුත් දුරස්ථ අධ්‍යාපනය කිසිසේත් ම පන්ති කාමරය තුළ ගුරුවරයා සමඟ සිදු කෙරෙන අධ්‍යාපනය මෙන් සතුටුදායක විකල්පයක් නොවන බව අධ්‍යාපන ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

පාසල් විවෘත කිරීමට අවශ්‍ය පසුබිම ක්‍රමානුකූලව සකස් කිරීම සඳහා සාකච්ඡාවක් අද (16 ) අධ්‍යාපන අමාත්‍ය ජි.එල් .පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත් වුණ අතර එහිදී අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කරන ලදි.

පාසල් දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂිතතාවය පිළිබඳ ප්‍රමුඛතාවය ලබා දෙමින් හැකි ඉක්මනින් පාසල් විවෘත කිරීම රජයේ අභිලාෂය බවත් එහි ප්‍රථම පියවර එන්නත්කරණය බවත් ඒ සඳහා දළ වශයෙන් එන්නත් මාත්‍රා 279,020ක් පමණ අවශ්‍ය බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.   

විශේෂඥ වෛද්‍යවරුන්ගේ උපදෙස් සහ නිර්දේශ මත පමණක් පාසල් විවෘත කිරීම සිදුකළ යුතු බවට අධ්‍යාපන අමාත්‍යංශය තීරණයක් ගෙන ඇති බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

අධ්‍යාපන අමාත්‍යවරයා මෙසේද කීවේය. ‘‘කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පාසල් සියල්ල වසා දමන්නට අපට සිදු වී තිබුණත් මෙම කාලසීමාව තුළ සිසු දරුවන්ට සිදුවන හානිය අවම කරගැනීම සඳහා ගුරුගෙදර, ඊ තක්සලාව වැනි වැඩසටහන් රාශියක් අධ්‍යාපන අමාත්‍යංශය විසින් දියත්කොට තිබෙනවා. මාර්ගගත දූරස්ථ අධ්‍යාපනය අනුව අධ්‍යයන කටයුතු සිදු කරමින් තිබෙනවා. එසේ වුවත් දුරස්ථ අධ්‍යාපනය කිසිසේත් ම පන්ති කාමරය තුළ ගුරුවරයා සමඟ සිදු කෙරෙන අධ්‍යාපනය මෙන් සතුටුදායක විකල්පයක් නොවෙයි. ඒ සඳහා සූදානම් වීමට සෑහෙන තරම් කාලයක් අවශ්‍යයි‘‘

Related Posts