‘රනිල් – වජිර සහ සමන් රත්නප්‍රිය’ මෙතැනින් කොතැනටද ?

කිසි දිනෙක රනිල්ට රටේ රාජ්‍ය නායකයා වීමට නොහැකි බව ඔහු සමග සිටින්නෝ දනිති.ඊට හේතුව අවාසනාවද පවද යන්න දන්නෝ දනිති. රනිල් බුද්ධිමතෙකි. දුර දක්නා රටකට පිරිමහින මිනිසෙකි. එහෙත් ඔහුට ආවේසවී ඇති සංස්කෘතික පෙරේතයා පෙනුමෙන් අජූතය. දැක්මෙන් පිළිකුල්ය. නාස් හකුථවන ගන්ධස්තාරයකි. තවත් මොනවාද? කොළඹ ඉංගි‍්‍රසි උගත් සමාජය එය හඳුන්වන්නේ මනුෆැක්චරින් ඩිපෙක්ට් කියාය. එය මගේ ගමේ සිංහලෙන් කීවොත් ‘උපන් දෙයි දෝස‘ නම් වේ. …

Continue Reading

මහින්දගෙන් ගළවා ‘බැසිල්ට දුන් ආයතන 03ක්‘ යළි මහින්දට

මුදල් අමාත්‍යවරයා ලෙස ඊයේ (08) දිනයේ දී දිවුරුම් දුන් බැසිල් රාජපක්ෂ යටතට ගැසට් නිවේදනයක් මඟින් පවරා තිබූ ආයතන තුනක් ඔහුගෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා වෙත පවරා දී තිබෙනවා. ජනපතිවරයා විසින් ඊයේ (08) නිකුත් කළ අංක 2235/59 දරණ ගැසට් පත්‍රය මගින් මේ පවරාදීම සිදුකර තිබෙන්නේ. මේ අනුව  බුද්ධ ශාසන අරමුදල, බෞද්ධ පුනරුද අරමුදල හා මධ්‍යම සංස්කෘතික අරමුදල යළි  ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් …

Continue Reading

කොවිඩ් වසංගතය ‘ළමුන්ට කර ඇති බලපෑම’ගැන ප්‍රමාණවත් අවධානයක් නෑ

කෝවිඩ් වසංගතය පැතිර යෑමත් සමඟ ලොවෙහි විවිධ ක්ෂේත්‍ර වලට එය ඇති කළ බලපෑම පිළිබඳ විශාල කතිකාවතක් ඇතිවී තිබේ . එය එසේ වුවද කෝවිඩ් වසංගතය ළමුන්ට බලපා ඇති අයුරු පිළිබඳ ව එවැනි සංවාදයක් ගොඩනැගී නැත. මෙයට ප්‍රධාන හේතුවක් වන්නේ ළමුන් පිළිබඳව කතා කිරීමට තිබෙන ආයතන හා පුද්ගලයන් ඇත්තේ ඉතාම සුළුතරයක් වන නිසාය. එසේම ළමුන්ට ඡන්ද බලයද නොමැත. මැතිවරණ හා ඡන්ද ක්‍රමය …

Continue Reading

වසංගතය අස්සේ වර්ජන රැල්ලක් ‘සෞඛ්‍ය සේවාව‘ තුළ ඇති වූයේ ඇයි?

කොරෝනා පැමිණීමයි සෞඛ්‍යයට අළුත් ඇමති පැමිණීමයි සිදු වන්නේ එකම කාලයක. පවිත්‍රා දේවී වන්නිආරච්චි මැතිණිය සෞඛ්‍යට පය ගහන්නේම වෛද්‍ය සංගමයේ පදයට නටනවා හැර වෙන දෙයක් නැති බව සිතේ දරාගෙනය. ඇය සෞඛ්‍යට පැමිණි අළුත කොරිඩෝවේ කෙනෙකු සමඟ සිනාසෙන්නට පෙරත් වට පිට බලන්නේ ඒ බව වෛද්‍ය සංගමයේ ඉත්තෙකු දැක ඉහලට වාර්තා කරනු ඇතැයි බියෙනි. ඒ නිසාම මුල සිටම ඇයට සමස්ථ සෞඛ්‍ය සේවාව පෙනුනේ …

Continue Reading

පොහොර හිඟයට නිශ්චිත විසඳුමක් නෑ: ලබන වසර වන විට තේ කර්මාන්තය වළපල්ලට

සමස්ත ලංකා කුඩා තේ වතු සංවර්ධන සමිති සංවිධානයේ සභාපති කේ. එල්. ගුණරත්න මතභේදාත්මක රසායනික පොහොර ආනයනය තහනම් කිරීම නිසා මතුව තිබෙන දැඩි පොහොර හිඟයට නිශ්චිත විසඳුමක් නොමැති අවස්ථාවක පසුගිය වසරට සාපේක්ෂව 2021 වසර අවසන් වන විට තේ අස්වැන්න 30%කින් හා 2022 මාර්තු මස වන විට සමස්ත තේ නිෂ්පාදනය අඩකින් පමණ අඩු වනු ඇතැයි ශ්‍රී ලංකාවේ කුඩා තේ වතුහිමියන් ඇස්තමේන්තු කරයි. ශ්‍රී ලංකාවේ සමස්ත තේ නිෂ්පාදනයෙන් 70%කට වැඩි දායකත්වයක් …

Continue Reading

විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම: ‘පොලිස් ඇමැති බෝලය පාස් කරයි‘

පොලීසිය විරෝධතා මැඩපවත්වන බවට විපක්ෂය කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා කියා සිටියේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කරන ලද සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව විරෝධතාකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවත්, එම නිසා වරද භාර ගත යුත්තේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මිස පොලිසිය විසින් නොවන බවයි. විරෝධතාකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ සෞඛ්‍ය අවශ්‍යතා මත බවත් එය දේශපාලන තීරණයක් නොවන …

Continue Reading

Zoom පැකේජ් දෙනවා කියා ‘දැරියන්ගේ නිරුවත් ඡායාරූප‘ අරං – අලෙවි නිලධාරියා කොටු

පාසල් දැරියන් කිහිප දෙනෙකුගේ සයිබර් ලිංගික සූරාකෑම (cyber sexual exploitation) සම්බන්ධයෙන් රටේ ප්‍රමුඛ පෙළේ ජංගම දුරකථන සේවා සමාගමක අලෙවිකරණ නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසුවේ පිටබැද්දර ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයකු පොලීසියට පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගත් බවයි. 28 හැවිරිදි තම්බුත්තේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම සැකකරු මීට වසර දෙකකට පෙර සිට ජංගම දුරකථන සේවා සමාගමේ සේවය කර …

Continue Reading

‘ලිංගික සේවා දැන්වීම් පළ කරන‘ වෙබ් අඩවි 05ක් හෙළිවෙයි

ලිංගික කර්තව්‍යයන් සදහා දැන්වීම් පළ කරන වෙබ් අඩවි පහක් පිළිබදව කරුණු අනාවරණය වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (08) කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා. අන්තර්ජාලය ඔස්සේ අලෙවි වූ 15 දැරිය විකිණීම පිළිබදව දැන්වීම් පළ කළ තවත් වෙබ් අඩවියක හිමිකරුවකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (08) බත්තරමුල්ල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට …

Continue Reading

ලිට්‍රෝ ගෑස් ‘රජයේ විගණනයට’ යටතට

ලිට්රෝ ගෑස් ලංකා සමාගම සහ ලිට්රෝ ගෑස් ටර්මිනල් ලංකා ( පෞද්ගලික ) සමාගම කෝප් කමිටුවට කැඳවීමට සහ රජයේ විගණනයට ලක් කිරීමට කටයුතු කරන ලෙස කෝප් කමිටුව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට උපදෙස් ලබා දුන්නේය. කෝප් කමිටුව ශ්‍රී ලංකා රක්ෂණ සමාගමට මෙම උපදෙස් ලබා දුන්නේ මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ (කෝප් ) කමිටුව අද ( 07 ) පාර්ලිමේන්තුවේදී රැස් …

Continue Reading

මහ බැංකු වාර්ෂික වාර්තාව පිළිබඳ විවාදය කල්යයි

ශ්‍රී ලංකා මහබැංකුවේ 2020 වසර සඳහා වන වාර්ෂික වාර්තාව පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය හෙට (09) නොපැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රදානත්වයෙන් අද (08) රැස් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තිරණය කළේය. එම විවාදය අගෝස්තු මාසයේ පළමු පාර්ලිමේන්තු සතියේ දිනක පැවැත්වීමටද එහි දී තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. කෙසේ නමුත්, හෙට දිනයේ කළින් තීරණය …

Continue Reading