විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම: ‘පොලිස් ඇමැති බෝලය පාස් කරයි‘

Spread the love

පොලීසිය විරෝධතා මැඩපවත්වන බවට විපක්ෂය කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා කියා සිටියේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කරන ලද සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව විරෝධතාකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවත්, එම නිසා වරද භාර ගත යුත්තේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මිස පොලිසිය විසින් නොවන බවයි.

විරෝධතාකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ සෞඛ්‍ය අවශ්‍යතා මත බවත් එය දේශපාලන තීරණයක් නොවන බවත් ඔහු අද (08) පාර්ලිමේන්තුවට පැවසීය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වරින් වර නිරෝධායන නීති රීති නිකුත් කරමින් සිටින බවත්, මීට දින කිහිපයකට පෙර නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කළ බවත්, නැවත දැනුම් දෙන තුරු විරෝධතා සහ රැස්වීම් වැනි මහජන රැස්වීම් තහනම් කරන බවත් ඔහු පැවසීය. 

පොලිසිය විරෝධතාකරුවන් අත්අඩංගුවට ගෙන එමගින් ජනතාවගේ අයිතිවාසිකම් යටපත් කරන බව පැවසූ ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනී අමරසුරිය මහත්මිය කළ චෝදනාවකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

Related Posts