පොහොර අවුලේ හොරය එළියට !
කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා සහ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ යන මහත්වරු අද (14) පෙරවරුවේ පැලියගොඩ සහ කැළණිය ප්‍රදේශවල ඇති පෞද්ගලික පොහාර සමාගම්වල ප්‍රධාන ගබඩා සංකීර්ණ හදිසියේ නිරීක්ෂණය කළා. රටේ පෙහොර හිඟයක් පැවතියද පෞද්ගලික සමාගම් සිය ගබඩාවල පෙහොර තොග විශාල වශයෙන් තබාගෙන සිටින ආකාරය මෙහිදි අමාත්‍යවරුන්ගේ නිරීක්ෂණයට ලක් වූණා. දෛනිකව නිකුත් කළ හැකි පෙහොර ප්‍රමාණයන් නිකුත් නොකොට අඩු වශයෙන් …
Continue Reading
මහ බැංකු වංචාවටත් වඩා ‘විසි ගුණයක‘ අධිවේගී මහා මංකොල්ලයක් ගැන ‘චම්පික‘ හෙළිකරයි
කාගේත් කතා බහට ලක්ව ඇති මහ බැංකු වංචාව ජනතාවට පෙන්වමින් පවතින රාජපක්ෂ රජය එම මහ බැංකු වංචාවටත් වඩා “විසි ගුණයක” අධිවේගී මහා මංකොල්ලයකට කෙටුම්පත් සකසා ඇති බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විශේෂ හෙළිදරව්වක් කරමින් ප්‍රකාශ කරයි. එහිදී රාජපක්ෂවරුන් 2005 පටන්ගත් නාඩගම යලි අරඹා ඇති බවත් ජපන් රජය මගින් සහන ණය ක්‍රමයට ලබාදුන් LRT ව්‍යාපෘතිය නවතා කණු …
Continue Reading
රටේ බලශක්ති ක්ෂේත්රය මැදමුලන බූදලයක්ද ? – අනුර
දේශප්‍රේමී සළු පොරවා ගනිමින්, දේශප්‍රේමය ගැන ගෝරනාඩුකරමින් බලයට පැමිණි ගෝටාබය රාජපක්ෂ ආණ්ඩුව මෙරට බලශක්ති ක්ෂේත්රය ඇමෙරිකාවට පවරන්නේ මැදමුලනේ බූදලයක් ලෙස සිතාගෙන දැයි ජවිපෙ නායක අනුර දිසානායක ප්‍රශ්න කරයි. කෙරවලපිටිය යුගදනවි LNG බලාගාරයේ කොටස් 40%ක් ඇමෙරිකානු සමාගමකට පවරා දීමට පසුගිය කැබිනට් මණ්ඩලයේදී අනුමත කිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා අද (13) පෙරවරුවේ එම පක්ෂ මූලස්ථානයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී මන්ත්‍රීවරයා මේ බව පැවසීය. එම මාධ්‍ය …
Continue Reading
කොතලාවල ජ.අ.වි අල්ලා ගෙන කරන ‘පුස් ආණ්ඩු විරෝධය‘ ඇත්ත අර්බූදය අත හැර දැමීමක්
“ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලය” පනත් කෙටුම්පතට විරෝධය පෑමට එක් වූ ගුරු සංගම් ක්‍රියාකාරීන් ඇතුලු කණ්ඩායම් අත්අඩංගුවට ගනු ලැබ නීති විරෝධි ලෙස නිරෝධායනයට ලක් කර ඇත. ඒ අත් අඩංගුවට ගැනීම් වලට විරුද්ධව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකාරණයෙහි ගොනු කළහ. ජ.වි.පෙ විසින් වෘත්තීය සමිති හවුලක් නමින් පසුගිය ජූලි 12 වන සඳුදා අත් අඩංගුවට ගැනීමට එරෙහිව …
Continue Reading
රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවකයන්ගේ ආරක්ෂාවට නීති හදන ලෙස අගමැතිගෙන් උපදෙස්
රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන සේවකයන් විසින් රාජකාරි ඉටු කිරීමේ දී සද්භාවයෙන් යුතුව ගන්නා ලද ක්‍රියාමාර්ග වලට අදාළව එම සේවකයන් සඳහා සුදුසු ආරක්ෂාවක් ලබාදීම පිණිස නීති කෙටුම්පත් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දුන්නේය. “දේශපාලන පළිගැනීම්වලට ලක්වූ රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවකයන් හට සහන සලසාලීම පිළිබඳව අරලියගහ මන්දිරයේ දී අද (13) දින පෙරවරුවේ පැවති සාකච්ඡාවේ දී අග්‍රාමාත්‍යවරයා …
Continue Reading
දකුණු ආසියාවේ තාක්ෂණයෙන් ඉහළම Smart Airport එක බවට කටුනායක පත්වෙයි
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල තාක්ෂණය සමග බද්ධකරමින් ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රගතිය සොයා බැලීමේ සාකච්ඡාව අද (13) දින අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ්‍රයේ පැවත්විණි. මීළග වසර 03 ඇතුළත තාක්ෂණයෙන් හෙබි Smart ගුවන්තොටුපොල ගොන්නට ශ්‍රී ලංකාවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල ද එකතු කිරිමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. එහිදී අමාත්‍යවරයා මෙසේ ද පැවසීය. කෝවිඩ් වසංගතයත් සමඟ අපේ රටේ වගේම …
Continue Reading
ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමට තරු පහේ පහසුකම්
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 2020 ගිම්හාන ඔලිම්පික් උළෙලට සහභාගී වීමට නියමිත ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායම දිරිමත් කිරීම ජාතික වගකීමක් ලෙස සලකා ඔවුන්ට සහ අනුබද්ධ කාර්ය මණ්ඩලය වෙනුවෙන් සුඛෝපභෝගි පහසුකම් සමගින් නවාතැන් සපයන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඊයේ (12) දින අරලියගහ මන්දිරයේදී පැවති හමුවකදී අනාවරණය කළේය. එ් අනුව, 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ සංවිධායකයන් නිර්දේශ කර ඇති සියලුම සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව …
Continue Reading
පාස්කු ප්‍රහාරය ගැන ‘කතෝලික පල්ලියෙන්‘ නම් ගම් සහිත සම්පූර්ණ හෙළිදරව්වක් !
දේශපාලනඥයින් තිදෙනකුට සහ පොලිස් නිලධාරීන් 10 කට වැඩි පිරිසකට එරෙහිව පියවර ගැනීමට අපොහොසත් වී තිබේ 2019 පාස්කු ඉරිදා ප්‍රහාරයේ ප්‍රතිඵලයක් ලෙස වර්තමාන තත්ත්වය පිළිබඳ ලිපියක් සහ ඒ හා සම්බන්ධ විමර්ශන අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දෙන බව කොළඹ අගරදගුරු අතිගරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ පැවසූහ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුතු දේශපාලනඥයන් තිදෙනෙකු සහ පොලිස් නිලධාරීන් 10 කට වැඩි …
Continue Reading
වරාය නගරයට සහ කොළඹට විදුලිය දෙන්න ‘බිලිවෙන මුතුරාජවෙල‘
සජීව චාමිකර – ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය පරිසර බලපෑම් තක්සේරු වාර්තාවකින් බලාපොරොත්තු වන්නේ පාරිසරික අනුමැතිය ලබා ගැනීම පමණක් නොවේ. මහ පරිමාණ සංවර්ධන ව්‍යාපෘතියක් තිරසර ව්‍යාපෘතියක් බවට පත් කර, උපරිම ආර්ථික ප්රතිලාභ ලබා ගැනීම සඳහා යෝග්‍ය ක්‍රමවේද හා ව්‍යාපෘතිය ස්ථාන ගත කළ යුතු ප්‍රදේශ හඳුනා ගැනීම ද එමගින් සිදු වේ. එපමණක් නොව සංවර්ධන ව්‍යාපෘතියකින් ඇති විය හැකි බලපෑම් පිළිබඳ ව පූර්ව අවධානයට …
Continue Reading
‘කාන්තාවන්ගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ වෙබ් අඩවි සහ සමාජ මාධ්‍යවල පළ කිරීමේ ප්‍රවණතාවක්
වෙබ් අඩවි සහ ෆේස්බුක් වැනි සමාජ මාධ්‍යවල අසභ්‍ය වීඩියෝ සහ පින්තූර පළ කිරීම සම්බන්ධයෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශ අජිත් රෝහණ මහතා පැවසුවා. පොලිස් පරිගණක අපරාධ අංශය විසින් සිදුකළ විමර්ශන මගින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර දණ්ඩ නීති සංග්‍රහයේ සහ අසභ්‍ය ප්‍රකාශන පනතේ අදාළ විධිවිධාන යටතේ මෙවැනි සිදුවීම්වලට එරෙහිව පොලිස් පරිගණක අපරාධ …
Continue Reading